වැදගත් සිදුවීම්
නාවික මුද්‍රණ ඒකකයෙහි ඩිජිටල් මුද්‍රණ පහසුකම් ස්ථාපිත කෙරේ

වැලිසර නාවික සංකිර්ණයේ, නාවික මුද්‍රණ ඒකකය මඟින් ලබාදෙනු ලබන සේවාවන් පුළුල් කරමින් ස්ථාපිත කල ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයේ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම, 2024 සැප්තැම්බර් මස 05 වන දින අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් නාවික මුද්‍රණ ඒකකයේදී සිදුකෙරිණි.
06 Sep 2024
මඩුකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන තරුණයින් වෙනුවෙන් නාවික හමුදාව මඟින් ජීවිතාරක්ෂක සහ ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව වව්නියාව මඩුකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන තරුණයින් වෙනුවෙන් ජීවිතාරක්ෂක සහ ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවක් 2024 අගෝස්තු මස 20 වන දින සිට 30 වන දින දක්වා වව්නියාව, මඩුකන්ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
03 Sep 2024
නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් කල්පිටියේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයෙදී නිෂ්පාදනය කරන ලද වායුසමීකරණ පහසුකම් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් (Accommodation type Wave Rider IPCs - P 265 and P 266) මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම 2024 සැප්තැම්බර් මස 02 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ ජැටියේදී සිදුකෙරිණි.
03 Sep 2024
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත නියෝජිතයන් පිරිසක් අද දින (2024 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
02 Sep 2024
නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ස්ථාපනය කළ සූර්යය බල පද්ධතිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ස්ථාපනය කළ සූර්යය බල පද්ධතිය 2024 අගෝස්තු මස 30 වන දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.
31 Aug 2024
ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 24 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා අංශයන් වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසි හතර දෙනෙකු (24) විසිරයාමේ උත්සවය, ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝශප් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 අගෝස්තු 30) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
30 Aug 2024
චීන යුද නෞකා නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 අගෝස්තු 29) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකා වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
29 Aug 2024
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 අගෝස්තු 29) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
29 Aug 2024
රියර් අද්මිරාල් කාංචන බානගොඩ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ 2024 අගෝස්තු මස 16 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නිල වශයෙන් 2024 අගෝස්තු මස 26 වන දින නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
27 Aug 2024
රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත විදුලි රෝද පුටුවක් පිරිනමයි

සටනේදී රණක්‍ෂිතයට පත්ව සිටින සුළු නිලධාරී එච්ජේ පුෂ්පකුමාර යන විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත විදුලි රෝද පුටුවක් පිරිනැමීම අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 26 වන දින ජ්‍යේෂ්ඨ නාවිකයාගේ නිවසේ දී සිදු කෙරිණි.
26 Aug 2024