වැදගත් සිදුවීම්

ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
 

ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා කඳවුරේදී ඊයේ (සැප්තැම්බර් 06) පැවැති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීය.

07 Sep 2018

ශ්‍රීලංනානෞ ‘අභීත II’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ශානක ජයතිලක මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘අභීත II’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ශානක ජයතිලක මහතා අද (සැප්තැම්බර් 07) වැඩ භාර ගන්නා ලදී.

07 Sep 2018

ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී රියර් අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපති මහතා අද (සැප්තැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

06 Sep 2018

ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (සැප්තැම්බර් 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

06 Sep 2018

කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා අද (සැප්තැම්බර් 06) වැඩ භාර ගන්නා ලදී.

06 Sep 2018

නව පත්විම ලද රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (සැප්තැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

05 Sep 2018

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

කොළඹ, බ්ලුමැන්ඩල් කුණු කන්දේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (සැප්තැම්බර් 04) සහාය දැක්වීය.

05 Sep 2018

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී
 

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාවක් ඊයේ (සැප්තැම්බර් 03) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.

04 Sep 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

04 Sep 2018

ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා ශ්‍රීලංනානෞ ‘රණවිජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා අද (සැප්තැම්බර් 03) වැඩ භාර ගන්නා ලදී.

03 Sep 2018