වැදගත් සිදුවීම්
රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව Bow Harmony නම් ඉන්ධන නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (සැප්තැම්බර් 10) කටයුතු කරන ලදී.
10 Sep 2018
සාර්ථක සංචාරයකින් අනතුරුව “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 08 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (සැප්තැම්බර් 10) දිවයිනෙන් පිටත් විය.
10 Sep 2018
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට

පසුගිය දිනයන් හිදී නැගෙනහිර ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ධීවර පරීක්‍ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කෙරුණි.
10 Sep 2018
තෙල් කාන්දුවෙන් ඇති වූ පරිසර හානීය අවම කිරීමට නාවික හමුදා දායකත්වය

මුහුදේ සිට මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය වෙත තෙල් ගෙන යන ඉන්ධන නලයක ඊයේ (සැප්තැම්බර් 08) සිදු වූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට ප්‍රදේශයට සිදුවීමට ගිය විශාල පරිසර හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටී.
09 Sep 2018
ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව කොළඹ වරායට සේන්දු වේ

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව අද (සැප්තැම්බර් 08) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
08 Sep 2018
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද යාත්‍රා දෙකක් වෙරළාරක්‍ෂක බලකායට ප්‍රදානය කෙරේ

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළබඩ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මඟින් (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වෙරළබඩ මුර යාත්‍රා දෙකක් (02) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට නිල වශයෙන් ප්‍රදානය කිරීම ඊයේ (සැප්තැම්බර් 07) කොළඹ, වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
08 Sep 2018
මෑත ඉතිහාසයේ සොයාගත් වැඩිම කේරළ ගංජා තොගය නාවික හමුදාව සොයා ගනී

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් තුනකට (03) අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී ඊයේ (සැප්තැම්බර් 07) ඉරණතිව් දුපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 284.05 ක් සොයා ගෙන ඇත.
08 Sep 2018
ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) අද (සැප්තැම්බර් 07) ආරම්භ කෙරුණු අතර, එය සැප්තැම්බර් 13 වන දින දක්වා ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
07 Sep 2018
ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවන් තුනක් (03) ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් සුමිත්‍ර, කර්ච් සහ කෝරා ද්ව් යන නෞකාවන් ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගිවීම සඳහා අද (සැප්තැම්බර් 07) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
07 Sep 2018
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල මහා පෙරහැරට නාවික හමුදා දායකත්වය

වාර්ෂිකව පවත්වනු ලබන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැර මෙම වසරේද පසුගිය අගෝස්තු 16 වන දින සිට 28 වන දින දක්වා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
07 Sep 2018