වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 සැප්තැම්බර් 14) උතුරු මැද නාවික විධාන මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
14 Sep 2024
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් ගාල්ල දෙවට සහ හම්බන්තොට වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 සැප්තැම්බර් 14) පැවැත්වීමට කටයුතු කෙරිණි.
14 Sep 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් පූජිත විතාන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් පූජිත විතාන අද දින (2024 සැප්තැම්බර් 13) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
13 Sep 2024
රාජකීය ලංකා නාවික හමුදාවේ සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) නාවික හමුදාධිපති හමුවෙයි

රාජකීය ලංකා නාවික හමුදාවේ සේවය කරන ලද සුළු නිලධාරී බීඒඩී විජේතිලක (විශ්‍රාමික) අද දින (2024 සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
12 Sep 2024
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරිය (Marine Environment Protection Authority - MEPA) හා එක්ව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් සින්න මුගත්තුවාරම් සහ ආරුගම්බේ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 සහ 11 දෙදින පැවැත්වීමට කටයුතු කෙරිණි.
12 Sep 2024
කිරිඳඔය නාවික අනුඛණ්ඩයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කෙරේ

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා කාවණ්තිස්ස ආයතනයට අයත් කිරිඳිඔය නාවික අනුඛණ්ඩය පරිශ්‍රයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2024 සැප්තැම්බර් මස 10 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
11 Sep 2024
ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව සහ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ගණ දෙවි ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැර වීථි සංචාරය කිරීම නාවික තටාකාංගණ පරිශ්‍රය තුළ සහ ත්‍රීකුණාමලය නගරය කේන්ද්‍ර කරගනිමින් 2024 සැප්තැම්බර් මස 07 සහ 08 දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.
09 Sep 2024
නාවික හා සාගරික විද්‍යාපීඨයේ කීර්තිමත් ආඥාපති වරයෙක් වන ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) වෙත නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී බුහුමන් දැක්වීමේ උළෙලක්

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ කීර්තිමත් ආඥාපතිවරයෙක් වන එම විද්‍යාපීඨයේ හය වන ආඥාපති ලෙස සේවය කල, ලුතිනන් කොමාණ්ඩර් (උපදේශක) සෝමසිරි දේවේන්ද්‍ර (විශ්‍රාමික) වෙත බුහුමන් දැක්වීමේ උළෙලක්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 සැප්තැම්බර් 08), නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
08 Sep 2024
ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ ස්ථාපිත විධාන දන්ත ශල්‍යාගාරය විවෘත කෙරේ

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද උතුරු නාවික විධාන දන්ත ශල්‍යාගාරය විවෘත කිරීම, 2024 සැප්තැම්බර් මස 06 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
07 Sep 2024
නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් වෙත ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදාණය කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2021 සහ 2022 බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන්ගේ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 සැප්තැම්බර් මස 04 වන දින වේරහැර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය රෝහල් ශ්‍රවනාගාරයේදී සිදුකෙරිණි.
06 Sep 2024