වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ පරාක්‍රම අායතනයට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් බෞද්ධාගමික වැඩසටහනක්
 

කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට වසර 35 ක් සපිරීම නිමිති කර ගනිමින් පසුගිය ජනවාරි මස 05 වන දින ශ්‍රීලංනානෞ පරාක්‍රම, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සර්වරාත්‍රික පරිත්‍රාන සෙත් පිරිත් සජ්ජායනාවක් පැවැත්වූ අතර, පසු දින ගරුතර සංඝයාවහන්සේලා 20 නමක් උදෙසා උදෑසන දානය පිළිගැන්වීම සිදු කෙරිණි.

07 Jan 2018

විනෝදාස්වාදය උදෙසා නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ විදේශීය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවියන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 06) බලපිටිය මුහුදු ප්‍රදේශයේදී විනෝදාස්වාදය උදෙසා තහනම් උපකරණ (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ විදේශිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

07 Jan 2018

අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 06) කටයුතු කරන ලදී.

06 Jan 2018

නාවික හමුදාව මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 98 ක් සොයා ගැනේ
 

උතුරු නාවික විධානයේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (ජනවාරි 06) උදෑසන සිදු කළ සෝදිසි කිරීමකදී වැල්වැටිතුරෙයි වෙරළ තීරයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 90 ක්, අබිං කිලෝග්‍රෑම් 04 ක් සහ හෂිස් කිලෝග්‍රෑම් 04 ක් සොයා ගෙන ඇත.

06 Jan 2018

කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම් විසින් ඊයේ (ජනවාරි 05) රාත්‍රී කොළඹ, කෙරවලපිටිය ප්‍රදේශයේ හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමට සමත් විය.

06 Jan 2018

කසමෝරෙකු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 05) ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස විකිනීමට සූදානම් කර තිබූ කසමෝරෙකු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

06 Jan 2018

ස්වේච්ඡා නාවිකයන්ගේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 66 වන සංවත්සරයට සමගාමීව ඊයේ (ජනවාරි 04) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘ලංකා’ ආයතනයේදී ස්වේච්ඡා නාවිකයන්ගේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ කරන ලදී.

05 Jan 2018

ගංජා මිශ්‍ර මත්කුඩු (මාවා) කිලෝග්‍රෑම් 2.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 04) සිදු කළ වැටලීමකදී යාපනය නාවර් වීදිය ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මත්කුඩු (මාවා) කිලෝග්‍රෑම් 2.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Jan 2018

කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක මහතා අද (ජනවාරි 04) දින වැඩ භාර ගන්නා ලදී.

04 Jan 2018

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් ඊයේ (ජනවාරි 03) නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

04 Jan 2018