වැදගත් සිදුවීම්

සරඹ උපදේශකයන් 15 දෙනෙකු විසිර යයි
 

28 වන සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ සරඹ උපදේශකයින් 15 දෙනෙකු සිය පුහුණුවීම් සාර්ථක ලෙස නිමාවට පත් කරමින් පසුගිය ජනවාරි මස 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන සරඹ පිටියේදී උත්සවාකාරයෙන් විසිර යන ලදී.

28 Jan 2018

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ මීගමුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 25) පිටිපන ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 22 ක් සහ කැස්බෑ බිත්තර කිලෝග්‍රෑම් 5.4 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

26 Jan 2018

රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව දැඩි ලෙස රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 25) කටයුතු කරන ලදී.

25 Jan 2018

නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (ජනවාරි 24) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය.

25 Jan 2018

නීති විරෝධී ලෙස මසුන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන්, ත්‍රිකුණාමලය පොලීසියේ නිලධාරීන් සහ ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 24) සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කරමින් තිබූ මසුන් කිලෝග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2018

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊයේ (ජනවාරි 24) ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2018

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

ගිණිකොන නාවික විධානය‍ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 23) කොමාරි මුහුදු ප්‍රදේශයේදී වලංගු ධීවර බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත විදේශිකයින් දෙදෙනෙකු සහ ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Jan 2018

නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 ක් සොයා ගනී
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 23) මරදන්කේනි, තලෙයිඅඩි වෙරළ තීරයට ආසන්න වන ලැහැබක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 ක් සොයා ගැනීමට සමත් විය.

24 Jan 2018

තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 22) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ප්‍රදීපාගාර ප්‍රිය සම්භාෂණ ශාලාවේදී පැවැත්විණි.

22 Jan 2018

නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

22 Jan 2018