වැදගත් සිදුවීම්

හක්බෙල්ලන් 775 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 01) කල්පිටිය, ආනවාසල වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස හක්බෙල්ලන් 775 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Feb 2018

තුර්කි ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ තුර්කි ආරක්ෂක උපදේශක, කර්නල් ‍කේමල් කරමන් මහතා අද (පෙබරවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

01 Feb 2018

‘Howell Cup Team Race Sailing regatta’ රුවල් ඔරු තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) මඟින් සංවිධානය කරන ලද ‘Howell Cup Team Race Sailing Regatta’ කණ්ඩායම් තරඟාවලියේ ජයග්‍රහණ කිහිපයක් දිනා ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩකයන් හට හැකි විය.

01 Feb 2018

නාවික හමුදාව විසින් රෝගාතුර ධීවරයකු ගොඩබිමට රැගෙන එයි
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 485 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ඊයේ (ජනවාරි 31) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

01 Feb 2018

නාවික හමුදාව රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 465 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ඊයේ (ජනවාරි 29) බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

30 Jan 2018

රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ජනවාරි 30) විශ්‍රාම යන ලදී.

30 Jan 2018

‘Commander’s Cup 2018’ ගොල්ෆ් ශූරතාවලියෙන් නාවික හමුදාවට සුවිශේෂී ජයක්
 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Commander’s Cup 2018’ ගොල්ෆ් තරඟාවලියේ සුවිශේෂී ජයග්‍රහණයක් නාවික හමුදාවට හිමි විය.

30 Jan 2018

නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 12 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානය භාර ආඥපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 28) ඌරුමලෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 12 ක් සමග ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

29 Jan 2018

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් ඊයේ (ජනවාරි 27) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

28 Jan 2018

නාවික හමුදාව විසින් මුහුදේ අතරමං වූ ධීවරයින් 3 දෙනෙකු බේරා ගනියි
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් මඟින් ඊ‍යේ (ජනවාරි 27) ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් 3 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

28 Jan 2018