වැදගත් සිදුවීම්

කපිතාන් ධම්මික විජේවර්ධන මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජල මානක විද්‍යා) ධම්මික විජේවර්ධන මහතා ඊයේ (අප්‍රේල් 03) වැඩ භාර ගන්නා ලදී.

04 Apr 2018

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ
 

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය - 2018, නිල වෙබ් අඩවිය එළිදැක්වීම පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් සිදු කෙරිණි.

02 Apr 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

02 Apr 2018

දෙවන ලෝක යුද්ධ සමයේ මුහුදු බත් වූ ‘සගයින්’ නෞකාව නාවික හමුදාවේ වෘත්තීය නිපුණත්වය මත යළි ගොඩ ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීමය නිපුණත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් වන සගයින් නෞකාව වසර 75 කට පසු නැවත ගොඩ ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයට හැකියාව ලැබිණි.

31 Mar 2018

පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් සඳහා නාවික හමුදාව ව්‍යාපෘතියක් හදුන්වා දෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කොට ඇත.

29 Mar 2018

නාවික හමුදා ජල මානක විද්‍යා කාර්යාලය උතුරේ ධීවර වරායන් සංවර්ධනය සඳහා දායක වීමෙන් රජයට රුපියල් මිලියන ගණනක් ඉතිරි කර දෙයි
 

නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් නිර්මාණය කරන ලද ජල මානක සිතියම් 4 ක් නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා අතින් ධීවර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා වෙත ධීවර අමාත්‍යංශයේදී අද (මාර්තු 28) භාර දෙන ලදී.

28 Mar 2018

විනිශ්චයකාරවරුන් සහ නීතිපති ‍දෙපාර්ත‍මේන්තු‍වේ නිලධාරීන් ‍වෙනු‍වෙන් නීති වි‍රෝධි මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වෙයි
 

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද නීති වි‍රෝධී මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පසුගිය මාර්තු 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නා‍ගොඩ ශ්‍රවණාගාර‍යේ දී පැවැත්විණි.

28 Mar 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට නාවික හමුදාවේ සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

27 Mar 2018

ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි
 

ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහනක් පසුගිය මාර්තු මස 23 වන දින කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

26 Mar 2018

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද දෙවන අධි තාක්ෂණික නෞකාව කොළඹ වරායට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (මාර්තු 26) උදෑසන 0940 පමණ කොළඹ වරායට සේන්දු විය.

26 Mar 2018