වැදගත් සිදුවීම්

06 වන අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාව සාර්ථකව නිමා වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් 06 වන වරටත් සංවිධානය කරන ලද අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම පසුගිය අප්‍රේල් 06 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

08 Apr 2018

නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාවන් සාර්ථකව නිමා වේ
 

නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 59 දෙනෙකු හට සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අප්‍රේල් 07) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

08 Apr 2018

මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, චේග් සූයුවාන් මහතා ඊයේ (අප්‍රේල් 07) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.

08 Apr 2018

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ඊයේ (අප්‍රේල් 06) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.

07 Apr 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය 2018 ඊයේ (අප්‍රේල් 06) ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අත්පන්දු ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී.

07 Apr 2018

බල නැවි ඉන්දික දිසානායක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දෙයි
 

21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ බල නැවි ඉන්දික දිසානායක ක්‍රීඩකයා අද (අප්‍රේල් 06) සමත්ව තිබේ.

06 Apr 2018

තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට සේන්දු වෙයි
 

තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 06) කොළඹ වරායට සේන්දු විය.

06 Apr 2018

නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2016 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය ඊයේ (අප්‍රේල් 05) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

06 Apr 2018

නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය අප්‍රේල් 07 සහ 08 යන දෙදින වැලිසර දී පැවැත්වෙයි
 

නාවික හමුදා හොකී ක්‍රීඩා සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන, 2018 නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය මෙම මස 07 සහ 08 යන දෙදින වැලිසර නාවික හමුදා හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කොට ඇත.

05 Apr 2018

උතුරු නාවික විධානය විසින් නයිනතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (අප්‍රේල් 03) නයිනතිව් දූපතේ, නාගදීප රජමහා විහාරස්ථානයේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

04 Apr 2018