වැදගත් සිදුවීම්

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඇකෙබොනෝ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඇකෙබොනෝ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 09) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

10 Apr 2018

රත්‍රං කිලෝග්‍රෑම් 2.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 8 පේසාලේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සුදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 2.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

10 Apr 2018

උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය 07 වන දින යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.

09 Apr 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

09 Apr 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය අප්‍රේල් 06 වන දින කොළඹ වාරයට සේන්දු වූ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය අද (අප්‍රේල් 09) දින සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

09 Apr 2018

‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

දියගම ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේ පසුගිය අප්‍රේල් 08 වන දින පැවැත්වූ ‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය අත් කර ගැනීමට නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම සමත් විය.

09 Apr 2018

නාවික කුසලාන හොකී තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි
 

නාවික හමුදා හොකී සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද නාවික කුසලාන හොකී තරඟාවලියේ ජයග්‍රහණය ගුවන් හමුදා හොකී කණ්ඩායමට හිමි විය.

09 Apr 2018

නැගෙනහිර නාවික විධානය විසින් ස්කොෂ් ක්‍රීඩා පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි
 

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ උපදෙස් මත පසුගිය අප්‍රේල් 03 සහ 04 යන දෙදින තුළ නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කරන ලද ස්කොෂ් පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පිහිටි ස්කොෂ් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

09 Apr 2018

රියර් අද්මිරාල් සුජීව පෙරේරා වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතා අද (අප්‍රේල් 08) වයඹ නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

08 Apr 2018

231 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 379 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 231 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 379 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 07) විසිර යන ලදී.

08 Apr 2018