වැදගත් සිදුවීම්

පැසිෆික් සහයෝගීතා වැඩසටහනේ සමාරම්භය ත්‍රිකුණාමලය නාවික කඳවුරේ තඨාකාංගණයේදී සනිටුහන් කෙරේ
 

පැසිෆික් සහයෝගීතා වැඩසටහනේ සමාරම්භක උළෙල ඊයේ (අප්‍රේල් 25) නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

26 Apr 2018

ජාතික ඔරු පැදීමේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදාවට
 

2018 අප්‍රේල් මස 23 සහ 24 යන දෙදින තුල දියවන්නා ඔය පරිශ්‍රයේදී පැවැත්වු දෙවන වේග හබල් ඔරු ජාතික තරඟාවලියේ (National Canoe Sprint Championship – 2018) සමස්ථ ශුරතාවය ඇතුළු විවිධ ජයග්‍රහන රැසක් හිමි කර ගැනීමට ශ්‍රීලංකා නාවික හමුදා හබල් ඔරු සංචිතයට අයත් නාවිකයින් සමත්වන ලදී.

26 Apr 2018

නාවික හමුදාව කිලාලී කලපුවේදී ජිවිතාරක්‍ෂක පුහුණු මෙහෙයුම සාර්ථකව නිමා කරයි
 

පසුගිය අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ, ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ, කිමිදුම් යන අංශයන්ගේ නාවිකයින් සහ ශ්‍රිලංනානෞ වේළුසුමන ආයතනයේ නිලධාරීන් සහ නාවිකයින් එක්ව කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රද්ශයේදී සාර්ථක ලෙස ජිවිතාරක්‍ෂක පුහුණු මෙහෙයුමක් සිදුකරන ලදී.

26 Apr 2018

ඇමරිකානු නාවික නෞකා මර්සී නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දුවෙයි
 

ඉන්දු-ආසියා-පැසිෆික් කලාපීය මානුෂිය ආධාර සහ ආපදා සහන (HADR) මූලික අරමුණ කරගත් වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගීතා වැඩසටහන වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මර්සී ආරෝග්‍යශාලා නෞකාව අද (අප්‍රේල් මස 25) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

25 Apr 2018

බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සාගර නෞකාව ඉන්දුනීසියාව බලා පිටත්වෙයි
 

බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව අද (‍අප්‍රේල් 24) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දුනීසියාව බලා පිටත් විය.

24 Apr 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 18 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (අප්‍රේල් 22) දිවයිනෙන් පිටත් විය.

23 Apr 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

23 Apr 2018

නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය - 2018 ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ
 

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන 2018 නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය පසුගිය (අප්‍රේල් 21) වන දින නුවරඑළිය, ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

23 Apr 2018

නිති විරෝධී පන්න ක්‍ර‍ම භාවිතා කල ධීවරයින් අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිති විරෝධි පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14 ක් නාවික හමුදාව විසින් පසුගිය සති දෙක තුළ ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලදී.

21 Apr 2018

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති නාවික හමුදාධිපති හමුවේ
 

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, චේන්ග් සූයුවාන් මහතා අද (අප්‍රේල් 20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

20 Apr 2018