වැදගත් සිදුවීම්

උතුරු මුහුදේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 05) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

05 May 2018

29 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේදී පවත්වයි
 

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඊයේ (මැයි 03) කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුමිත්‍ර’ නෞකාවේදී පවත්වන ලදී.

04 May 2018

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා ඊයේ (මැයි 03) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.

04 May 2018

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (මැයි 02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

02 May 2018

වෙසක් දිනය නාවික හමුදාව සැදැහැ සිතින් සමරයි
 

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2562 ක් ගතවන මෙම වසරේ ජාතික වෙසක් දින ‍උළෙලට සමගාමීව නාවික හමුදාව විසින් ආගමික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබුණ අතර, ඒ අනුව හුණුපිටිය ගංගාරාම ‘බුද්ධ රශ්මී’ කලාපය, කොළඹ වරාය ‘කොලොම්තොට’ වෙසක් කලාපය, ‘සිරස’ වෙසක් කලාපය සහ දිවයිනේ විවිධ ස්ථානයන්හි අති උත්කර්ෂවත් ලෙස වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබුණි.

02 May 2018

ගංඟාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ දෙවන දිනය ආලෝකමත් කිරීමට නාවික හමුදාධිපතිතුමා එක් වෙයි
 

2018 ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 29 හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කෙරුණි.

01 May 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

01 May 2018

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශේෂ ලේ දන්දීමේ වැඩසටහනකට එක්වෙති
 

වෙසක් උත්සවය නිමිත්තෙන් යාපනය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය විසින් පසුගිය අප්‍රේල් 28 වන දින රෝහල් රුධිර බැංකුවේදී විශේෂ ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කර තිබුණු අතර, ඒ සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

30 Apr 2018

අන්තර් විධාන මුහුදු පිහිනුම් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
 

අන්තර් විධාන කිලෝ මීටර් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය ඊයේ දින (අප්‍රේල 28) ත්‍රිකුණාමලය නිකල්සන් කෝව් මුහුදු තීරයේ උත්කර්ශවත් අයුරින් පැවැති අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

29 Apr 2018

ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක ‘සුරක්‍ෂා’ නෞකාව මගින් කොළඹට වැඩම කරවයි
 

සිරස මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන වෙසක් කලාපය වෙත පැමිණෙන සැදැවතුන්ගේ පුද පූජාවන් වෙනුවෙන් තැන්පත් කිරීම සදහා ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක ‘සුරක්‍ෂා’ නෞකාව මගින් ඊයේ (අප්‍රේල් 28) කොළඹට වැඩම කරවන ලදී.

29 Apr 2018