වැදගත් සිදුවීම්

ලෝක පරිසර දිනයට නාවික හමුදා දායකත්වය
 

ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ තීරයන් ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර, ඒ අනුව ඊයේ (ජුනි 05) බටහිර සහ දකුණු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

06 Jun 2018

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 සඳහා සැලසුම් ක්‍රියාත්මක කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිව්වන වරටත් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සමුළුව පසුගිය මැයි 29 සහ 30 වන දෙදින විශාකපට්නම්හි පිහිටි ඉන්දියානු නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී පැවැත්විණි.

04 Jun 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

04 Jun 2018

රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය සඳහා නාවික හමුදා කණ්ඩායමක් එක්වෙයි
 

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘Rim of the Pacific’ (RIMPAC) - 2018 නාවික අභ්‍යාසයට සහභාගීවිම සඳහා ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) සනත් මහින්ද මහතා ඇතුළු නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 25 දෙනෙකු පසුගිය මැයි 21 වන දින ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන ලදී.

04 Jun 2018

අනවසර සංක්‍රමණිකයින් 05 දෙනෙකු සමඟ ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 03) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

03 Jun 2018

ජාතික පරිසර සතියට සමගාමීව වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

ජාතික පරිසර සතියට සමගාමීව වෙරළ තීරයන් සහ කඩොලාන ආශ්‍රිතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර, ඒ අනුව අද (ජුනි 03) නැගෙනහිර සහ බටහිර නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

03 Jun 2018

ගාලු මුවදොර පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
 

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර තුල කැලිකසල සහ ප්ලාස්ටික් එකතු වී අපිරිසිදු තත්වයේ පැවතුණි.

02 Jun 2018

නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකය සිය 60 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ ගිනි නිවිමේ ඒකකයේ 60 වන සංවත්සරය ඊයේ (ජුනි 01) දිනට යෙදී තිබූණි.

02 Jun 2018

උතුරු නාවික විධානය තුල විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක්
 

උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයින් හට විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි මස 24 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

01 Jun 2018

ජාතික පරිසර සතියට නාවික හමුදා දායකත්වය
 

ජුනි 5 වන දිනට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුල මැයි 30 වන දින සිට ජුනි 05 වන දින දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කොට ඇත.

31 May 2018