වැදගත් සිදුවීම්

අනතුරට පත් TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව කොළඔ වරායට රැගෙන ඒම සඳහා නාවික හමුදාව සහය වෙයි
 

දීක්ඕවිට ප්‍රදේශයෙන් දියත් කරන ලද TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව ඊයේ (ජුලි 03) දින කොළඹ වරායේ සිට නාවික සැතපුම් 12 ක් පමණ දුරින් තිබියදී නෞකාවේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදේ අතරමංව සිටින බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත ටග් යා‍ත්‍රාවක් මගින් අනතුරට පත් නෞකාව කොළඹ වරාය වෙත ඇදගෙන ඒමට කටයුතු කෙරිණි.

04 Jul 2018

‘Navy.lk’රාජ්‍ය අංශයේ වෙබ් අඩවි අතරින් ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස නම් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය ‘www.navy.lk’, මොරටුව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොදම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය ‘Best Web 2018” තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස නම් කර ඇති අතර, රාජ්‍ය අංශයේ හොදම වෙබ් අඩවි අතරින් තෙවන ස්ථානයද හිමිකර ගැනීමට සමත් විය.

04 Jul 2018

රූමස්සල බොනීටා ළමා නිවාසයේ දැරියක් අසල ප්‍රපාතයකට වැටී සිටියදී නාවික හමුදා සහයෙන් බේරා ගනී
 

ඊයේ (ජුලි 03) සවස 05.00 පැයට පමණ ගාල්ල රූමස්සල පිහිටි බොනීටා ළමා නිවාසයේ දැරියක් ඒ අසල ප්‍රපාතයකට ඇදවැටී හදිසි අනතුරක් සිදුවී ඇති බව ගාල්ල වරාය පොලීසිය මගින් දකුණු නාවික විධාන මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ උපදෙස් පරිදී කඩිනමින් ක්‍රියාත්මක වු විශේෂයාත්‍රා හා කිමිදුම් අංශයේ නාවිකයින් පිරිසක් එක්ව එම ස්ථානයට ගොස් මහත් වු පරිශ්‍රමයක් දරා එම දැරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ අතර, සුළු තුවාල ලබා සිටි එම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයක් මගින් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුලත් කරන ලදී.

04 Jul 2018

අධ්‍යාපන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මුලස්ථානය වෙත පැමිණෙයි
 

එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ (Michel Tedzani Moyo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහල නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (ජුලි 03) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

04 Jul 2018

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනය සිය 21 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ ආයතනයේ 21 වන සංවත්සරය පසුගිය ජුනි 27 වන දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (නාසෙ) අර්ජුන පෙරේරා සහ විධායක නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් (නාසෙ) මාලින්ද වෙන්නවත්ත මහතා ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

03 Jul 2018

නැමීබියානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ නැමීබියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන එයාර් කොමදෝරු පාවෝ එල්වින්-පෝල් කමන්යා මහතා (Commodore Paavo Elwin-Paul Kamanya) අද දින (ජුලි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

02 Jul 2018

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 36 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 36 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුලි 02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

02 Jul 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

02 Jul 2018

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයතු කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද (ජුලි 02) විශ්‍රාම යන ලදී.

02 Jul 2018

රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හෙට (ජුලි 02) දින සිට ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර ඇති අතර, හෙට දින සිට එතුමා සිය ධූරයේ රාජකාරී අරඹනු ඇත.

01 Jul 2018