වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානය විසින් නල්ලිනකාපුරම් ග්‍රාමයේ ක්‍ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, යාපනය ශික්‍ෂණ රෝහලේ සහ යාපනය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ සහයෝගයද ඇතිව උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (ජුලි 07) කන්කසන්තුරේයි, නල්ලිනකාපුරම් ග්‍රාමයේ ක්‍ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

08 Jul 2018

ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව ඊයේ (ජුලි 07) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

08 Jul 2018

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ යුද්ධ නෞකාව කොළඹ වරායට පැමිණේ.
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව අද (ජුලි 07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

07 Jul 2018

මාලදිවයින් වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව කොළඹ වරායට පැමිණේ.
 

මාලදිවයින වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව අද (ජුලි 07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

07 Jul 2018

පිටකොටුව පළමුවන හරස්වීථියේ වෙළෙඳ සැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

අද (ජුලි 07) පිටකොටුව පළමු හරස්වීථියේ වෙළෙඳසැලක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් සහාය දැක්වීය.

07 Jul 2018

මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව මඟින් ගාලු ප්‍රදීපාගාරයේ සීට නාවික සැතපුම් 115 ක් පමණ දුරින් මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනෙකු (03) සහිත යාත්‍රාවක් බේරා ගැනීමට සමත් විය.

05 Jul 2018

‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 29 සහ 30 යන දෙදින තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

05 Jul 2018

අධ්‍යාපන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ (Michel Tedzani Moyo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහල නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස අද (ජුලි 05) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

05 Jul 2018

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අද (ජුලි 05) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

05 Jul 2018

නැගෙනහිර නාවික විධානයේ නව කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය විවෘත කරයි
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ‘තිස්ස’ ආයතනය යටතේ පාලනය වන ඔක්ස්ෆර්ඩ් සර්කස් නාවික අනුඛණ්ඩයෙහී ස්ථාපිත කරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් අද (ජුලි 04) නාවිකයින්ගේ අයිතියට පත්කෙරිණි.

04 Jul 2018