වැදගත් සිදුවීම්

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 31 (තාක්‍ෂණික) සහ 32 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය සහ 57 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු පසුගිය ජුලි 14 අධිකාරියට පත් කරන ලදී. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු ඔවුන් විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.

16 Jul 2018

මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
 

ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) ඊයේ (ජුලි 15) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

16 Jul 2018

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයකදී පසුගිය ජුලි 14 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

16 Jul 2018

මන්නාරම පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ල සිසු අයිතියට
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ මන්නාරම, පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම පසුගිය ජුලි 13 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

16 Jul 2018

අනතුරට පත් ධීවරයින් බේරාගත් නාවික හමුදා මෙහෙයුම
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව විසින් බහුදින ධීවර යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් 06 දෙනෙකු බේරා ගැනීමට සමත් වි ඇත.

12 Jul 2018

නාවික හමුදා ජලශාස්ත්‍රීය සේවාවෙන් ලක්‍ෂ 16 කට අධික ආදායමක් උපයයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය සිය සේවාවවන් සැපයීමෙන් උපයන ලද රුපියල් මිලියන 1.69 ක (රු. 1,690,000.00) අදායම නාවික හමුදාව වෙත ප්‍රදානය කිරීම නාවික හමුදා මුලස්ථානයේදී අද (ජුලි 12) දින සිදු කෙරුණු අතර, ඊට අදාල ප්‍රේශණපත ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට ප්‍රදානය කරන ලදී.

12 Jul 2018

අන්තර්ජාතික ‘මුහුදු ඉරිදා දින’ දේව මෙහෙය සැමරිමට නාවික හමුදාව එක්වෙයි
 

කොළඹ නාවිකයින්ගේ මීසම විසින් අන්තර්ජාතික ‘මුහුදු ඉරිදා දින’ දේව මෙහෙය සැමරිමට කටයුතු කළ අතර, ඒ අනුව පසුගිය ජුලි මස 08 වන ඉරු දින දේව මෙහෙය කොළඹ කොටුව, ශාන්ත පීතර දේවස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

12 Jul 2018

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2017 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (ජුලි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

11 Jul 2018

කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
 

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

11 Jul 2018

ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයත‍නයේ නව ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කෙරේ
 

වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නව ප්‍රධාන පිවිසුම් දොරටුව ඊයේ (ජුලි 09) බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

10 Jul 2018