වැදගත් සිදුවීම්

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුලි 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

26 Jul 2018

කිලෝග්‍රෑම් 05 කට අධික රත්‍රං සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 24) කල්පිටිය, කිඹුල්බොක්ක, උච්චමුණි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 5.7 කට අධික රත්‍රං තොගයක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

25 Jul 2018

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම හදුන්වාදිය හැකි අතර, ඒ අනුව, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් පසුගිය ජුලි 23 වන දින තිස්සමහාරාමයේදී සහ ඊයේ (ජුලි 24) මීමින්නාගම, කිරිමැටියාව සහ මැටිකොටුව යන ප්‍රදේශයන්හිදි ප්‍රජා අයිතියට පත් කෙරුණි.

25 Jul 2018

කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා දකුණු නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති වශයෙන් ඊයේ (ජුලි 24) වැඩ භාර ගන්නා ලදී.

25 Jul 2018

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රා 02 ක් ඊයේ (ජුලි 23) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

24 Jul 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 76 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

24 Jul 2018

එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් කලාපය භාර ප්‍රධානී, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් කලාපය භාර ප්‍රධානී, ජෙනරාල් රොබට් බ්‍රවුන් මහතා අද (ජුලි 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

23 Jul 2018

ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘Navy.lk’ රාජ්‍ය අංශයේ වෙබ් අඩවි අතරින් සම්මාන හිමිකර ගනී
 

ශ්‍රී ලංකාවේ හොදම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය “Best Web 2018” ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘navy.lk’ වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය‍ට හිමි සම්මානය සහ රාජ්‍ය අංශයේ හොදම වෙබ් අඩවි අතරින් තෙවන ස්ථානයට හිමි සම්මානය ද හිමි කරගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දීම‍‍ට සමත් වන ලදී.

23 Jul 2018

“බොස්ටන්” නෞකාවේ අනතුරට පත්වු රුසියානු ජාතිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.
 

අද (ජුනි 23) මුහුදේදී අනතුරට පත්වු රුසියානු ජාතිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව මගින් කටයුතු කරන ලදි.

23 Jul 2018

ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාව සිය 24 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය නෞකාව පසුගිය ජූලි 21 සිය අභිමානවත් 24 වන සංවත්සරය සමරන ලදී.

23 Jul 2018