වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් ගිණි‍කොණ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය අගෝස්තු 01 වන දින ගිණි‍කොණ නාවික විධානයේ සංචාරයක නිරත විය.

03 Aug 2018

යාපනය, පුන්ගුඩුතිව් ශ්‍රී ගණේෂ් මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නාවික හමුදාව ප්‍රතිසංස්කරණය කෙරේ
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ යාපනය, පුන්ගුඩුතිව් ශ්‍රී ගණේෂ් මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම ඊයේ (අගෝස්තු 01) උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සෙනරත් විජේසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

02 Aug 2018

ශ්‍රී ලංකා නාවික හමුදා තාක්‍ෂණික ආයතනය සිය 16 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා තාක්‍ෂණික ආයතනයෙහි 16 වන සංවත්සරය ඊයේ (අගෝස්තු 01) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් තාක්‍ෂණික ආයතනයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ, කොමාණ්ඩර් සජීව රත්නසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

02 Aug 2018

ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය සිය 21 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයෙහි 21 වන සංවත්සරය ඊයේ (අගෝස්තු 01) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් ශ්‍රීලංනානෞ අග්බෝ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (නාසෙ) ඒඑම් අබේසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

02 Aug 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය 2018 පසුගිය ජුලි 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී.

02 Aug 2018

නාවික හමුදාව වේල් පෙරහැරේ ආශිර්වාදය ලබා ගනී
 

කොළඹ, ශ්‍රී කදිර්වේලායුධ සාමි කෝවිලෙන් ගමන් ආරම්භ කර බම්බලපිටිය, මානික්‍ය විනයාගර් කෝවිල වෙත ගමන් කරනු ලැබූ වේල් පෙරහැර පසුගිය ජුලි 26 වන දින නාවික හමුදා මුලස්ථාන‍ය අසලින් ගමන් කළ අතර, එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නාවික පුද්ගලයින් විසින් වේල් පෙරහැරේ පැමිණි වේල කරත්තය පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබා ගත්තේය.

31 Jul 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 54 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

30 Jul 2018

‘ඩන්ලොප් බෙල්’ රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ‘ඩන්ලොප් බෙල්’ රුවල් යාත්‍රා තරඟාවලිය (DUNLOP BELL SAILING REGATTA) පසුගිය ජුලි 22 වන දින බොල්ගෙඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

29 Jul 2018

නාවික හමුදාව ලෝක කඩොලාන දිනය සමරයි
 

ලෝක කඩොලාන දිනයට සමගාමිව උතුරු හා වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි කලපු අශ්‍රිතව කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘති රැසක් ඊයේ (ජුලි 26) නාවික හමුදාව විසින් සිදු කරන ලදී.

27 Jul 2018

හපුතලේ ඉදිකරන ලද මෙරට ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානයට නව තාක්ෂණික දැනුම නාවික හමුදාවෙන්
 

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීමේ අරමුණින් ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ හපුතලේ කහත්තේවෙල ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ මෙරට ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය සඳහා සකස් කරන ලද භූගෝලීය තොරතුරු පද්ධතිය හා වෙබ් අඩවිය පිහිටුවීමේ ආරම්භක මහෝත්සවය පසුගිය ජුලි 21 වන දින කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හපුතලේ කහත්තේවෙල ශ්‍රි සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී සිදු කෙරිණි.

27 Jul 2018