වැදගත් සිදුවීම්

ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න ශ්‍රීලංනානෞ වීරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යුද්ධ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වීරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න අද (අගොaස්තු 10) දින වැඩ භාර ගන්නා ලදී.

10 Aug 2018

ලංකා තැලසීමියා කවයේ කෘතඥතාවය නාවික හමුදාවට
 

ලංකා තැලසීමියා කවයේ සාමාජිකයින් විසින් තැලසීමියා රෝගීන් වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සේවය ඇගයීම සඳහා ගෞරවයක් ලෙස සිහිවටනයක් ප්‍රදානය කිරීම අද (අගෝස්තු 10) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදුකරන ලදි.

10 Aug 2018

රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය නාවික හමුදා මැරීන් සාමාජිකයින් සාර්ථකව අවසන් කෙරේ
 

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු ‘Rim of the Pacific’ (RIMPAC) - 2018 නාවික අභ්‍යාසයට සහභාගී විම සඳහා පසුගිය මැයි 21 වන දින දිවයිනෙන් පිටත්ව ගිය ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) සනත් මහින්ද ඇතුළු නාවික හමුදා මැරීන් බලකා සාමාජිකයින් පසුගිය 07 වන දින සිය අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනට පැමිණෙන ලදී.

10 Aug 2018

ඉසින්බැස්සගල තේක්ක රක්‍ෂිතයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

මැදවච්චිය, ඉසින්බැස්සගල තෙක්ක රක්‍ෂිතයේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 09) සමත් විය.

10 Aug 2018

චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 08) කොළඹ වරායට සේන්දු විය.

08 Aug 2018

බටහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (අගෝස්තු 07) කොළඹ, නාවික මහ රෝහල පරිශ්‍රයේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.

07 Aug 2018

ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව විවාහක නාවික නිවාස ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
 

මොල්ලිකුලම්, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව විවාහක නාවික නිවාස ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වයඹ විධාන ආඥාපති රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 05) විවාහක නාවික නිවාස පරිශ්‍රයේදී සිදු කෙරිණි.

06 Aug 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

06 Aug 2018

නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු (Transnational Crime) වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (ජුනි 05) ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) තුළ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

06 Aug 2018

නාවික හමුදා අන්තර් විධාන පාපැදි තරඟාවලිය පුනෑවේදී නිමාවට පත්වෙයි
 

ශ්‍රි ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපැදි තරඟාවලිය මෙවර උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංනානෞ පණ්ඩුකාභය ආයතනය මුල් කර ගනිමින් අගෝස්තු මස 04 වන දින පවත්වන ලදී.

06 Aug 2018