වැදගත් සිදුවීම්

යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත අංගසම්පුර්ණ නව නිවසක්
 

රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන විරු සුමිතුරු පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නිවාස සහායක එස්එස් දසනායක නාවික රණවිරුවා හට අංගසම්පූර්ණ නිවසක් ඉදිකර පරිත්‍යාග කරන ලදී.

21 Sep 2018

රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (සැප්තැම්බර් 19) කටයුතු කරන ලදී.

20 Sep 2018

බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත මණ්ඩලය නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරතවේ‍
 

ශ්‍රී ලංකාවට පැමිණි බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාල දූත මණ්ඩලයේ ප්‍රධානී, රියර් අද්මිරාල් මුහම්මද් අන්වරුල් ඉස්ලාම් මහතා ඇතුළු 23 දෙනෙකුගෙන් සමන්විත දූත මණ්ඩලය ඊයේ (සැප්තැම්බර් 19) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

20 Sep 2018

67 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්‍ෂක සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 30 ට වැඩි, 67 වන ජාතික ජීවිතාරක්‍ෂක තරඟාවලයේ, සමස්ථ ශූරතාවය නාවික හමුදාව අත් කර ගනී.

19 Sep 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 58 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 58 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

18 Sep 2018

ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා අද (සැප්තැම්බර් 17) වැඩ භාර ගන්නා ලදී.

17 Sep 2018

නිවසක් ගිනි ගැනිමෙන් අවතැන් වු ධීවර පවුලකට නාවික හමුදාවෙන් උපකාර
 

තලෙයිමන්නාරම පියර්ගම ප්‍රදේශයේ සැප්තැම්බර් මස 14 වන දින විදුලි කාන්දුවක් නිසා හටගත් ගින්නකින් සිංහල ධීවර පවුලකට අයත් නිවසක් සම්පුර්ණයෙන් විනාශයට පත්විය.‍

17 Sep 2018

නාවික හමුදාව කිරින්ඳ මුහුදේ දී අණතුරටපත් වු ධීවරයින් පිරිසක් බේරාගනී
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්‍ෂක මුර යාත්‍රාවක් මඟින් ඊයේ (සැප්තැම්බර් 16) දින කිරින්ඳ ධීවර වරායේ සිට නාවික සැතපුම් 26 ක් ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.

17 Sep 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය සැප්තැම්බර් 12 වන දින කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව අද (සැප්තැම්බර් 16) දින 05 ක නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

16 Sep 2018

නාවික කෘෂි හා සත්ව ගොවිපල පිහිටි අභයභූමි‍යේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

උප්පුවේලි, පාලම්පටාරු ප්‍රදේශයේ නාවික කෘෂි හා සත්ව ගොවිපල පිහිටි අභයභූමි‍යේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (සැප්තැම්බර් 15) සමත් විය.

16 Sep 2018