වැදගත් සිදුවීම්

නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට නාවික හමුදාවෙන් පානීය ජලය
 

නාවික හමුදාව සමාජීය සුභසාධන කටයුතු නිරන්තරයෙන් සිදු කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය දින වල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් විපතට පත් ජනතාව සඳහා පානීය ජලය සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

27 Sep 2018

පුත්තලම, වෙල්ලමුන්දලම ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 114.955 ක් නාවික හමුදාව සොයා ගනි
 

ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මුලස්ථානයට අයත් වෙල්ලමුන්දලම නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 26) පුත්තලම, වෙල්ලමුන්දලම ප්‍රදේශ‍යේ කැලෑවක සඟවා තිබියදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 114.955 ක් සොයා ගෙන ඇත.

27 Sep 2018

කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) උතුරු මුහුදේදී අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 25) කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

26 Sep 2018

ජාතික වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට නාවික හමුදා දායකත්වය
 

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ සැප්තැම්බර් 15 වන දින සිට 21 වන දින දක්වා ජාතික වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් තිබු අතර, ඒ අනුව ඊට සමගාමිව වෙරළ තීරයන් ආශ්‍රිතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.

26 Sep 2018

‘Sandy Bay Navy Cup 2018’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ ‘Sandy Bay Navy Cup 2018’ ගොල්ෆ් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 23 වන දින ත්‍රිකුණාමලය.

25 Sep 2018

කකාඩු -2018 නාවික අභ්‍යාසයට සහභාගීවූ ‘සිඳුරළ’ නෞකාව දීර්ඝ මුහුදු ගමනකින් පසු යලි දිවයිනට
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU-2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය අගෝස්තු 20 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව සාර්ථක ලෙස නාවික අභ්‍යාසය නිමා කරමින් නාවික ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමනකින් පසු ඊයේ (සැප්තැම්බර් 24) දිවයිනට ලඟා වූ අතර, මෙම සංචාරය තුළ ‘සිඳුරළ’ නෞකාව නාවික සැතපුම් 6646 ක් ආවරණය කර ඇත. නෞකාව කොළඹ වරායට සේන්දුවිමෙන් පසු නාවික සම්ප්‍රදායානුකූලව වරාය පරිශ්‍රය වෙත පිළිගැනීමට කටයුතු කෙරුණි.

25 Sep 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

25 Sep 2018

අන්තර් විධාන ගොඩබිම් මෙහෙයුම් තරඟාවලියේ සමස්ථ ශුරතාව උතුරු මැද නාවික විධානය හිමිකර ගනි
 

විශේෂ මෙහෙයුම් පාඨමාලාවන් සහ මුලික ගොඩබිම් පුහුණු පාඨමාලාවන් හැදෑරූ නාවික පුද්ගලයින් ඇගයිමට ලක් කිරිමත් ඒ තුලින් ආත්ම විශ්වාසයකින් යුතුව රාජකාරි ඉටු කිරිම සඳහා වෘත්තිමය නිපුණතාවක් ඇති නිළධාරින් සහ නාවිකයින් බිහි කිරීමේ අරමුණින් දින 10 ක් පුරා පැවති මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් නිලධාරින් 14 ක් සහ නාවිකයින් 238 දෙනෙකු සහභාගී වන ලදී.

24 Sep 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය ඊයේ (සැප්තැම්බර් 21) නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී.

22 Sep 2018

විෂය කරුණු සම්බන්ධව විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ පාඨමාලාව (SMEE) සාර්ථකව නිමාවට පත්වේ
 

විෂය කරුණු සම්බන්ධව විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම (Subject matter expert Exchange) පාඨමාලාව සාර්ථකව අවසන් කළ නාවික පුද්ගලයින් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 21) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

22 Sep 2018