වැදගත් සිදුවීම්

ගොවි සංවිධාන නිලධාරින් සඳහා නාවික හමුදා තොරතුරු තාක්‍ෂණ අංශය මඟින් වැඩමුළුවක් පවත්වයි
 

කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ හපුතලේ කහත්තේවෙල ජනතා ගොවි සංවිධානයේ නිලධාරීන් සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබද වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 21 වන වන දින අධ්‍යක්ෂ නාවික තොරතුරු තාක්ෂණ කොමදෝරු ප්‍රියන්ත එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.

02 Oct 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් හිඩේකි මිෂුටා මහතා සහ කොමාණ්ඩර් යුකී ඕචිමීෂු මහතා ඊයේ (ඔක්තෝබර් 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

02 Oct 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් බටහිර විධාන භාර ආඥාපති හමුවෙයි
 

පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් හිඩේකි මිෂුටා මහතා සහ කොමාණ්ඩර් යුකී ඕචිමීෂු මහතා ඊයේ (ඔක්තෝබර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

02 Oct 2018

විනිශ්චයකාරවරුන් සඳහා දකුණු නාවික විධානයේ වැඩමුළුවක් පවත්වයි
 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද නීත්‍යානුකූල නොවූන, වාර්තාගත නොවූ සහ අවිධිමත් මසුන් ඇල්ලීම (IUU Fishing) පිළිබදව විනිශ්චයකාරවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 29 වන දින දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු නාවික විධාන මූලස්ථාන ශ්‍රවණාගාර‍යේදී පැවැත්විණි.

01 Oct 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

01 Oct 2018

‘ආඥාපති කුසලාන’ ප්‍රථම රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ‘ආඥාපති කුසලාන’ රුවල් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 27 වන දින සිට 29 වන දින දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේදී පැවැති අතර, එහි සමාරම්භක උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස මහතා සහ යාත්‍රා සංගමයේ සාමාජික සරත් කුරුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති කුමාර් බහාර් අනුස්මර්ණ රුවල් යාත්‍රා සංචිතයේදී ආරම්භ කරන ලදී.

30 Sep 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 30) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

30 Sep 2018

නාවික හමුදාධිපතිතුමන් ඇමෙරිකාවේදී ජාත්‍යන්තර සමුද්‍ර ආදිපත්‍ය සමුළුවේ (International Seapower Symposium) දේශනයක් පවත්වයි
 

ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර සමුද්‍ර ආදිපත්‍ය සමුළුව (International Seapower Symposium) සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.

28 Sep 2018

ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන නිලධාරින් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

බ්‍රිගේඩියර් එච් සිං දෝදී (Brigadier H. Singh Dhodi) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන ජ්‍යේෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පසුගිය සැප්තැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම ජ්‍යේෂ්ඨ නිලධාරි පිරිස පසුගිය සැප්තැම්බර් 25 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

28 Sep 2018

“දියකාවා” යුද අභ්‍යාසය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමන් එක් වෙයි
 

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 9 වන වරටත් සංවිධානය කරන ලද “දියකාවා” ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රිවිධ හමුදා සහ විදේශීය හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු මැද පළාත් ආවරණය වන පරිදි පැවැත්විමට කටයුතු යොදා තිබුණී.

27 Sep 2018