වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2018 බුස්සේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2018 පසුගිය නොවැම්බර් මස 06 වන දින සිට 09 වන දින දක්වා බුස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

10 Nov 2018

ජ්‍යේෂ්ඨ නාවිකයින් 99 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 99 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (නොවැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

09 Nov 2018

අසාධ්‍ය ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට පසුගිය නොවැම්බර් 05 වන දින ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

07 Nov 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 06 අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 06 ක් නාවික හමුදා භාරයට පත් විය.

06 Nov 2018

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි වැලිසර නාවික මහ රෝහල ඇගයීමට ලක් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 19 වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

05 Nov 2018

රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට සහ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් සහ ශ්‍රි ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ඊයේ (නොවැම්බර් 03) ඉප්පන්තිව් සහ කිඹුල්බොක්ක අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

04 Nov 2018

රියර් අද්මිරාල් උදය සුමනසේකර මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (නාවික හා ගුවන් මෙහෙයුම්) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උදය සුමනසේකර මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (නොවැම්බර් 03) විශ්‍රාම යන ලදී.

03 Nov 2018

දකුණු මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියට නාවික හමුදා දායකත්වය
 

ගාල්ල දිස්ත්‍රික්කයේ රූමස්සල අවට මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියක් ඊයේ (නොවැම්බර් 02) ආරම්භ කල අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ දැනුමින් සහ ‘ඉන්සි’ සිමේන්ති සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. තවද, නාවික හමුදා කිමිදුම් අංශය මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කිමිදුම් සහය ලබා දෙනු ලබයි.

03 Nov 2018

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) ඊයේ (ඔක්තෝබර් 29) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

30 Oct 2018

නාවික හමුදාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (ඔක්තෝබර් 29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය.

30 Oct 2018