වැදගත් සිදුවීම්
ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිමල් රණසිංහ වැඩ භාර ගනියි

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් නිමල් රණසිංහ 2025 අගෝස්තු මස 13 වැනි දින ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
14 Aug 2025
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහ නික්ම යන ආරක්‍ෂක උපදේශකයින් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර ධූර කාලය නිමා කරනු ලබන Colonel Darren Woods සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Keith Miles නිල හමුවක් සඳහා 2025 අගෝස්තු මස 13 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
14 Aug 2025
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපතිනි නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපති Dewi Gustina Tobing මහත්මිය 2025 අගෝස්තු මස 13 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
14 Aug 2025
නාවික හමුදාව වෙත බඳවා ගත් ශිෂ්‍යභට නිලධාරීන් 59 ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 68 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් පනස් හය දෙනෙකු (56) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු ශිෂ්‍යභට නිලධාරීන් පනස් නව දෙනෙකු (59) වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද (2025 අගෝස්තු 12) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
12 Aug 2025
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නිල හමුවක් සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, ගරු ඩෙවිඩ් පයින් (David Pine) මහතා නිල හමුවක් සඳහා අද (2025 අගෝස්තු 12) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන, ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය හමුවිය.
12 Aug 2025
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 අගෝස්තු 11) උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.
11 Aug 2025
ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් වාලච්චේනේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 අගෝස්තු මස 07 වැනි දින ත්‍රීකුණාමලය වාලච්චේන ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
11 Aug 2025
පාතදුම්බර කාර්මික විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ “ශ්‍රම මෙහෙයුම්” වැඩසටහන යටතේ, පාතදුම්බර කාර්මික විද්‍යාල පරිශ්‍රය, සිසුන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම, 2025 ජුලි මස 22 සිට අගෝස්තු මස 06 දින දක්වා සිදුකෙරිණි.
11 Aug 2025
කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් හා ප්‍රදර්ශනයක් වැලිසර නාවික රෝහල් පරිශ්‍රයේදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine - SLCOMM) විසින් සංවිධානය කළ කිමිදුම් වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ එක්දින වැඩමුළුවක් සහ කිමිදුම් වෛද්‍ය ප්‍රදර්ශනයක්, 2025 අගෝස්තු මස 06 සිට 08 දක්වා, වැලිසර නාවික මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
09 Aug 2025
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කල ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් ලුතිනන් කොයාන් චාමිත වෙත විශේෂ ඇගයීමක්

ලොව විශේෂ හමුදා වෙනුවෙන් පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධානය (US Navy, Naval Special Warfare Basic Training Command) මඟින් පවත්වනු ලබන අති දුෂ්කර මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සීල් පලඳනාව (SEAL Trident pin) හිමිකරගත් ලුතිනන් කොයාන් චාමිත, අද (2025 අගෝස්තු 05) නාවික හමුදා මුලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. එහිදී, සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිම වෙත විශාල කීර්තියක් සහ අභිමානයක් ගෙන දෙමින් සමස්ත ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවට ලබාදුන් වටිනා ආදර්ශය ඇගයූ නාවික හමුදාධිපති ඔහු වෙත සුභාසිංශන පිරිනැමීම සිදුකෙරිණි.
05 Aug 2025