වැදගත් සිදුවීම්

අන්තර් විධාන සරඹ තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි
 

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය දෙසැම්බර් 13 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි.

15 Dec 2018

රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (දෙසැම්බර් 14) විශ්‍රාම යන ලදී.

14 Dec 2018

ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙල 2018 (SLT Zero One Award) හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සම්මාන හිමිකර ගනී
 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ආයතන අතුරින් හොඳම තොරතුරු තාක්‍ෂණ පද්ධති තේරීම සඳහා වූ ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙල (SLT Zero One Award) පසුගිය දෙසැම්බර් 11 වන දින කොළඹ, ගලදාරි හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

14 Dec 2018

ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාවික හමුදාවෙන් උපහාර
 

2018 වසරේ 05 වන ලෝක කැරම් ශූරතා තරඟාවලිය සහ ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලිය මෙන්ම 01 වන ආසියානු වුෂු තරඟාවළියේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන් නාවික හමුදාවට අභිමානයක් අත්කරදීම වෙනුවෙන් සහ ඔවුන්ගේ දක්‍ෂතා අගයමින් උපහාර පිදීමක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

13 Dec 2018

ජාතික ආහාර සැණකෙළියේදී හොඳම අවන්හල ලෙස රන් සම්මානයෙන් නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල පිදුම් ලබයි
 

ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “ජාතික ආහාර සැණකෙළිය - 2018” පසුගිය දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළ ග්‍රීන් පාර්ත්හි දී පවත්වන ලදී.

13 Dec 2018

හමුදාමය භූගෝලීය කටයුතු සම්බන්ධ රුසියානු නියෝජිතයින් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන හමුදාමය භූගෝලීය කටයුතු සම්බන්ධ රුසියානු නියෝජිත ප්‍රධානී, මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් නිකොලොවිච් මහතා ඇතුළු නියෝජිතයින් පිරිස ඊයේ (දෙසැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

13 Dec 2018

68 වන නාවික හමුදා සංවත්සරය හවායි හීදී උත්කර්ෂවත් අයුරින් සමරයි
 

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාවට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් විසින් පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදා 68 වන සංවත්සරය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු කරන ලදී.

12 Dec 2018

ඉන්දියානු නාවික හමුදා ‘අද්මිරාල් කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේදි ශ්‍රි ලංකා නාවික හමුදා මධ්‍ය නිලධාරින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරයි
 

ඉන්දියාවේ ඉසිමලා හි පිහිටි ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨය (Indian Naval Academy) විසින් 09 වන වරට සංවිධානය කරන ලද ‘Admiral’s Cup Regatta - 2018’ රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් මස 02 වන දින සිට දෙසැම්බර් මස 06 වන දින දක්වා අති උත්කර්ශවත් අන්දමින් ඉන්දියාවේ ඊටිකුලම් බේ වෙරළ තීරයේදී පැවැත්විය.

11 Dec 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 05 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 05 ක් නාවික හමුදා භාරයට පත් විය.

11 Dec 2018

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 68 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රට වැට බැදි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට (‍දෙසැම්බර් 9) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් සිදු කරනු ලබන වැඩසටහන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් සංවිධානය කරන ලදී.

09 Dec 2018