වැදගත් සිදුවීම්

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 21) කොළඹ වරායට සේන්දු විය.

21 Dec 2018

ටෙක්නෝ ශ්‍රී ලංකා 2018 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණයේදී නාවික හමුදාව මගින් ඉදිරිපත් කල නව නිර්මාණ වෙනුවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් නාවික හමුදාව සිදු කරන ලදි.
 

‘ටෙක්නෝ ශ්‍රී ලංකා 2018’ තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය පසුගිය ‍ඔක්තෝබර් 12 වන දින සිට 14 වන දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගි වීය.

21 Dec 2018

ඉන්දියානු නාවික නෞකා ‘ජමුනා’ නෞකාව කොළඹ වරායට පැමිණේ
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා අද (දෙසැම්බර් 20) කොළඹ වරායට සේන්දු විය.

20 Dec 2018

රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් 03 ක් කොළඹ වරායට සේන්දු වෙයි
 

රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 20) කොළඹ වරායට සේන්දු විය.

20 Dec 2018

2018/2019 තරඟ වාරය සඳහා නාවික හමුදා රග්බි කණ්ඩායම් වෙනුවෙන් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පෞද්ගලික) සමාගම අනුග්‍රාහකත්වය දක්වයි
 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ‍ක්ෂේත්‍ර‍යේ දියුණුව සඳහා කවදත් දායකත්වය ලබා දෙනු ලබන Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගම 2018/2019 තරඟ වාරය සඳහා ‍ රුපියල් මිලියන 08 ක අනුග්‍රාහක දායකත්වයක් නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත ලබා දීමට ඉදිරිපත් වි ඇති අතර, ඒ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (දෙසැම්බර් 19) කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

19 Dec 2018

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 07 ක් යලි එරටට භාර දීම ඊයේ (දෙසැම්බර් 18) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

19 Dec 2018

‘ආචාර්ය නිහාල් ඡිනසේන අනුස්මරණ රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

රුහුණු රුවල් යාත්‍රා සාමාජය මගින් සංවිධානය කරනු ලබන ‘ආචාර්ය නිහාල් ඡිනසේන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 15 වන දින කප්පරතොට, මිරිස්ස මුහුදු තීරයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 67 දෙනෙකු රුවල් යාත්‍රා 50 ක් සමඟින් සහභාගී වන ලදී.

19 Dec 2018

චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

මෙරටට පැමිණි සිටින චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ෂායි යුහුආන් මහතා (Major General Zhai Yuehuan) ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය දෙසැම්බර් 17 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

19 Dec 2018

ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (දෙසැම්බර් 17) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

17 Dec 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 35 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 35ක් නාවික හමුදා භාරයට පත් විය.

17 Dec 2018