වැදගත් සිදුවීම්

නව නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 03) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය.

03 Jan 2019

නව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 03) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

03 Jan 2019

කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා ඊයේ (ජනවාරි 02) වැඩ භාර ගන්නා ලදී.

03 Jan 2019

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.

01 Jan 2019

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 23 වන නාවික හමුදාධිපති ධූරයට
 

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද දින (ජනවාරි 01) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.

01 Jan 2019

අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (දෙසැම්බර් 31) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කරන ලද අතර, එතුමන් සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ජනවාරි 01) විශ්‍රාම යන ලදී.

01 Jan 2019

68 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්
 

පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව පසුගිය දෙසැම්බර් 27 වන දින කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී.

29 Dec 2018

ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට තවදුරටත් නාවික හමුදා සහාය
 

පසුගිය දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අඩාල වූ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළදි ගංවතුර හේතුවෙන් අපිරිසිදු වි තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට සහ නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර මඟින් පිරිසිදු ජලය බෙදාහැරිමට කටයුතු කරමින් සිටී.

28 Dec 2018

උතුරේ පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් රැසක දායකත්වය

පසුගිය දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වයෙන් උතුරු ජනතාවගේ ජන ජිවිතය අඩාල වි තිබු අතර, එම ජන ජිවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මේවන විට කටයුතු කරමින් සිටී. ඒ අනුව, ගංවතුර පැවැති තොණ්ඩමන්ආරු, මාන්කුලම්, කොට්ටඅඩි ඇතුළු ප්‍රදේශයන්හී අපිරිසිදුවි තිබෙන පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික සහන කණ්ඩායම් 15 ක් අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

27 Dec 2018

ශ්‍රීලංනානෞ පරාක්‍රම සංවත්සරයට සමගාමිව ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹදී
 

ශ්‍රී ලංකා නාවික හමුදා 68 වන සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ 36 වන සංවත්සරය පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදි තිබූ අතර, ඒ වෙනුවෙන් ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේෂ් ද සිල්වා මහතා ඇතුළු නැව් මුළුව විසින් සංවිධානය කරනු ලැබූ සමාජ සත්කාරක වැඩසටහන්වල තවත් එක් පියවරක් වශයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් 24 වන දින ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාර පරිශ්‍රයේදී සිදු කෙරිණි.

27 Dec 2018