වැදගත් සිදුවීම්
බීඩි කොළ කිලෝග්‍රෑම් 717.82 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 23 වන දින තලෙයිමන්නාරම, වැලිපර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ තොගයක් සොයා ගෙන ඇත.
23 Jul 2019
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් විසිදෙදෙනෙකු (22) නාවික හමුදා බාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 22 වන දින ත්‍රිකුණාමලය, කල්ලඩිචේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් විසිදෙදෙනෙකු (22) නාවික හමුදා බාරයට ගෙන ඇත.
23 Jul 2019
චාවකච්චේරිය, නගර් කෝවිල් වලින් පැති බෝම්බයක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් චාවකච්චේරිය, නගර් කෝවිල් ප්‍රදේශයේ 2019 ජූලි 22 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදි ජීවි පැති බෝම්බයක් සොයා ගෙන ඇත.
23 Jul 2019
නාවික හමුදා විරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්‍රතිලාභ රැසක්
ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබු ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්‍රතිලාභ ලබා දීමේ ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජූලි 22 වන දින කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවැත්විණි.
23 Jul 2019
නාවික හමුදා මෙහෙයුමකින් තවත් බීඩිකොළ තොගයක් සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 21 වන දින මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩිකොළ තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
22 Jul 2019
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (ජුලි 22) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
22 Jul 2019
නික්ම යාමට නියමිත ජපාන ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කපිතාන් අට්සුහිරෝ මොරොරෙ අද දින (ජූලි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.
22 Jul 2019
බීඩි කොළ කිලෝග්‍රෑම් 70 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 21 වන දින කල්පිටිය, බත්තලන්ගුංඩුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 70 ක් සොයා ගෙන ඇත.
22 Jul 2019
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 21 වන දින ගාල්ල, කතලුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 820 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
22 Jul 2019
අවසරපත් නොමැතිව වැලි පැටවූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ 2019 ජූලි 20 වන දින සිදු කළ වැටලිමකදි අවසරපත් නොමැතිව වැලි පැටවු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
21 Jul 2019


