වැදගත් සිදුවීම්

‘Sharp Shooter’ අධියර III හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

කඳුරට වෙඩි තැබීමේ ක්‍රීඩා සාමාජය විසින් සංවිධානය කරනු ලැබූ ‘Sharp Shooter’ අධියර III හි තරඟාවලිය පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි 03 වන දින දක්වා හන්තාන ප්‍රායෝගික පිස්තෝල වෙඩි පිටියේදී පවත්වන ලදී.

08 Feb 2019

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා අද (පෙබරවාරි 07) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

07 Feb 2019

නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (පෙබරවාරි 07) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක, ගරු කරු ජයසූරිය මහතා හමු විය.

07 Feb 2019

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපතිතුමා ඇතුළු දූත පිරිසක් ඉන්දියානු නාවික හමුදාවේ සංචාරයක
 

ඉන්දියානු නාවික හමුදාවේ අරාධනයකට අනුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාය මහතා ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජිතයින් පිරිසක් පසුගිය ජනවාරි 21 සිට 25 වන දින දක්වා ඉන්දියානු නාවික හමුදාවට අයත් විද්‍යාපිඨයන්හි සංචාරයක නිරත විය.

07 Feb 2019

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ පීඩන බෝම්බයක් නාවික හමුදාව සොයා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (පෙබරවාරි 06) ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.

06 Feb 2019

ඉන්දියානු නාවික නෞකා ‘ජමුනා’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා පසුගිය දෙසැම්බර් 20 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (පෙබරවාරි 06) දින සිය මිණුම් කාර්යයන් සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

06 Feb 2019

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 05) කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

06 Feb 2019

රියර් අද්මිරාල් රසික දිසානායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් රසික දිසානායක මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින(පෙබරවාරි 04) විශ්‍රාම යන ලදී.

04 Feb 2019

නාවික හමුදාව ජාතික දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි
 

71 වන ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (පෙබරවාරි 04) 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.

04 Feb 2019

71 වන ජාතික දින සැමරුම් උත්සවය
 

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (පෙබරවාරි 04) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 71 වන ජාතික දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.

04 Feb 2019