වැදගත් සිදුවීම්

මඩකළපුව කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 16) දින මඩකළපුව, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් නයිලෝන් දැල් 05 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත.

16 Feb 2019

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වයටම අණදෙන්නා වශයෙන් කටයුතු කරන කොමාණ්ඩර්, රෙසා බොද්ධගී මහතා ඇතුළු ලුතිනන් කොමාණ්ඩර් මහ්මූද් බද්වී, ලුතිනන් කොමාණ්ඩර් හසන් බේගී, ලුතිනන් කොමාණ්ඩර් මොහොමඩ් ගර් රහ්නාමා යන අණදෙන නිලධාරීවරුන් අද (පෙබරවාරි 16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

16 Feb 2019

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය ඊයේ (පෙබරවාරි 15) වන දින පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

16 Feb 2019

තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්, පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබරවාරි 15) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

16 Feb 2019

ධිවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද (පෙබරවාරි 15) කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 Feb 2019

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 14) නීතිව්රෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ රියුනියන් දිවයින වෙත පිටත් වීමට රහසිගතව සැලසුම් කර තිස්සමහාරාම නගරයේ ලැගුම් හලක් තුල සැඟව සිටි පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

15 Feb 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව කොලඹදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව 2019 පෙබරවාරි මස 14 සහ 15 යන දිනයන්හීදී කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත් විය.

15 Feb 2019

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට

ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (පෙබරවාරි 15) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

15 Feb 2019

නාවික හමුදාධිපතිතුමන්ගේ වයඹ නාවික විධාන සංචාරය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි 12 සහ 13 යන දෙදින වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

15 Feb 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (පෙබරවාරි 14) ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මෙම සැක කටයුතු පුද්ගලයා පරීක්‍ෂාවට ලක්කර ඇති අතර, එහිදී ඔහු‍ගේ ගමන්මළුවේ තිබී කේරළ ගංජා ක්‍රිලෝ ග්‍රෑම් 02 ක්, රුපියල් 4,610 ක මුදලක් ද ප්‍රවාහනය සඳහා භාවිතාකළ යතුරුපැදිය ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

15 Feb 2019