වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 19) අළුයම මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

19 Feb 2019

නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) කල්පිටිය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

19 Feb 2019

නාවික හමුදාව පල්ලීකුඩා ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) පල්ලීකුඩා ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

19 Feb 2019

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහන රැසක්

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘Dunlop Bell Sailing Championship – 2018’ රුවල් යාත්‍රා තරඟාවලිය 2019 පෙබරවාරි මස 15 සහ 16 යන දෙ‍දින තුල මට්ටක්කුලිය, කාක දූපත ආසන්න මුහුදු තීරයේදී පැවැත් විණි.

18 Feb 2019

කපිතාන් (ජලමානක) කෝසල වර්ණකුලසූරිය මහතා ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) කෝසල වර්ණකුලසූරිය මහතා අද (පෙබරවාරි 18) වැඩ භාර ගන්නා ලදී.

18 Feb 2019

උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 17) දින උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් නයිලෝන් දැල් 07 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

18 Feb 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් සමඟ සම්බන්ධ වී ඉච්චන්කාඩු මුහුදු ප්‍ර‍දේශයේ අද දින (පෙබරවාරි 18) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.

18 Feb 2019

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවන් 03 දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය පෙබරවාරි 15 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකාවන් අද (පෙබරවාරි 18) වන දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

18 Feb 2019

කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිෂයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා අද (පෙබරවාරි 18) වැඩ භාර ගන්නා ලදී.

18 Feb 2019

නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමන් පිළිගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් අද (පෙබරවාරි 18) නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් සංවිධානය කොට තිබිණි.

18 Feb 2019