වැදගත් සිදුවීම්
වැලිසර ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

වැලිසර, මහබාගේ ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා අද (ජුනි 19) නාවික හමුදා ගිනි නිවිමේ ඒකකය සමත් වන ලදි.
19 Jun 2019
ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස් අද (ජුනි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
19 Jun 2019
හක් බෙල්ලන් 4017 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් 2019 ජුනි 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
19 Jun 2019
ඉන්දීය නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරය කරයි

ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 200 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිසක් 2019 ජුනි 17 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.
19 Jun 2019
බීඩිකොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 18) අළුයම කල්පිටිය, කළපු ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
18 Jun 2019
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ජුනි 18) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
18 Jun 2019
කේරළ ගංජා ගෑම් 538 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 17 වන දින ගාල්ල, දෙවැට ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 538 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
18 Jun 2019
ලුතිනන් කොමාණ්ඩර් එරන්ද වික්‍රමසිංහ ශ්‍රීලංනානෞ රණවිජය නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) එරන්ද වික්‍රමසිංහ 2019 ජුනි 17 වන දින වැඩ භාර ගන්නා ලදී.
18 Jun 2019
නාවික හමුදාව ඉසින් බැස්සගල රජමහා විහාරයේ ආලෝක පුජාවක් පවත්වයි

නාවික හමුදාව විසින් පොසොන් පොහොය නිමිති කර ගනිමින් 2019 ජුනි 16 වන දින ඉසින් බැස්සගල රජමහා විහාරයේ චෛත්‍ය අභියස ආලෝක පුජාවක් පවත්වන ලදි.
17 Jun 2019
අනුරාධපුර පුජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට නාවික හමුදාව සුදානමින්

අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමිව පොසොන් කලාප නැරඹිමට හා සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා නාවික හමුදා සහන කණ්ඩායම් රැසක් සුදානම් කර ඇත.
17 Jun 2019