වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 28) උදෑසන මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

28 Feb 2019

නාවික පවුල්වල දූදරුවන් හට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කෙරේ

2018 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට, දිස්ත්‍රික් කඩඉම් සීමාව අභිබවා යමින් විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූදරුවන් වෙත දෙවන අධියර යටතේ ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 27) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි.

27 Feb 2019

ශ්‍රී ලංකාවේ ඇ‍මරිකා එක්සත් ජනපද තනාපතිතුමිය ඇතුළු දූත පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක

්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති වශයෙන් කටයුතු කරන ලබන ඇලීනා ටැප්ලිස් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද (පෙබර‍වාරි 27) හම්බන්තොට වරාය පරිශ්‍රයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වන ලද අතර, එහිදි තානාපතිතුමිය නාවික ස්ථානගත කිරීම් හම්බන්තොට අණභාර නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබන කොම‍දෝරු අශෝක විජේසිරිවර්ධන නිලධාරිතුමන් ද හමු වීය.

27 Feb 2019

නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 27) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

27 Feb 2019

දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

අත්තනගළු ඔයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විසින් කිමිදුම් මෙහෙයුමක් ඊයේ (පෙබරවාරි 26) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

27 Feb 2019

නාවික හමුදාව බත්තලන්ගුංඩුව, වැල්ල මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සොයා ගැනේ

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 2‍6) බත්තලන්ගුංඩුව, වෙල්ල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

27 Feb 2019

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයකට අනුව නාවික හමුදා විනයාරක්‍ෂාධිපති, කපිතාන් ධනේෂ් පත්බේරිය නිලධාරිතුමාගේ අධික්‍ෂණය යටතේ මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇත.

26 Feb 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 2‍6) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

26 Feb 2019

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් උතුරු මුහුදේ අද (පෙබරවාරි 25) උදෑසන සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහු‍දු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට ගෙන ඇත.

25 Feb 2019

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 24) මන්නාරම සවුත් බාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.

25 Feb 2019