වැදගත් සිදුවීම්

නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 05) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

05 Mar 2019

විදේශීය ජාතිකයෙකු නීති වීරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට

රූමස්සල, කඳු පාමුල වෙරළතීරයේ දී (White Jungle Beach) ස්පියර් ගන් උපකරණයක් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයෙකු, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 04) අත්අඩංගුවට ගෙන ඇත.

04 Mar 2019

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1. 76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් රත්ගම, පොලිස් විශේෂකාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් හා එක්ව අද (මාර්තු 03) රත්ගම නගරාසන්න ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා කිලෝ ග්‍රෑම් 1.76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

03 Mar 2019

නීති වීරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මැරූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 03) පිටිවැල්ල, බූස්ස මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මරූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

03 Mar 2019

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (මාර්තු 03) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

03 Mar 2019

දියේ ගිලෙමින් සිටි කුඩා දැරියකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත

ගිණිකොණනාවික විධානයට අයත්, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (මාර්තු 02) පානම මෝය කට ආසන්නයේ ගිලෙමින් සිටි කුඩා දැරියකගේ දිවි බේරා ගැනීමට සමත් විය.

03 Mar 2019

34 වන විවෘත ජාතික ඔරු පැදීමේ තරඟාවලිය - 2019

ජාතික ඔරු පැදීමේ තරඟාවලිය (National Rowing Championship – 2019) පසුගිය පෙබරවාරි මස 28 දින සිට මාර්තු මස 02 වන දින දක්වා පුරා දින 03ක් දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී (Water Sport Centre) පැවැත්විය.

03 Mar 2019

මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 188 ක් නාවික හමුදාව සොයාගනී

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 02) උදැසන මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

03 Mar 2019

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 26 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් දහනව දෙනෙකු (19) සහ නිලධාරින් සිව් දෙනෙකු (04) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (මාර්තු 02) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.

02 Mar 2019

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව කසමෝරු ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමකට අනුව අද (‍මාර්තු 02) වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ මීගමුව, ධීවර කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ මෙහෙයුමකින් තහනම් මත්ස්‍ය විශේෂයක් වන කසමෝරුන් අල්ලා මීගමුව ධිවර වාරාය වෙත රැගෙන එමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Mar 2019