වැදගත් සිදුවීම්

ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (මාර්තු 10) වාලච්චේනේ කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයකදි ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

11 Mar 2019

නාවික හමුදාව තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) ත්‍රිකුණාමලය, වේරුගල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

11 Mar 2019

උතුරු මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) ඩෙල්ෆ්ට් දුපතට දකුණු දෙසින් වූ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 39.8 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

11 Mar 2019

කැස්බෑ සංරක්‍ෂණයට නාවික හමුදා දායකත්වය

මෑතක සිට වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවා අතීතයේ සාගර ආශ්‍රිතව බහුල වශයෙන් දක්නට ලැබුණු සත්ත්ව විශේෂයක් වන අතර, මෙම සත්ව විශේෂය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට මේවන විට කටයුතු යොදා ඇත.

10 Mar 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 09) වලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

10 Mar 2019

නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් පසුගිය මාර්තු 05 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘රන් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (මාර්තු 09) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

10 Mar 2019

නාවික මෙහෙයුමකින් උතුරු මුහුදේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 312.5 ක් සොයා ගැනේ

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 09) අනලතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 312.5 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

10 Mar 2019

අනුරාධපුර, මධ්‍ය විද්‍යාලීය CENEX 2019 අධ්‍යාපනික ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

අනුරාධපුර, මධ්‍ය විද්‍යාලය විසින් සංවිධානය කල අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගිය මාර්තු මස 06 වන දින සිට 08 වන දින දක්වා විද්‍යාලීය භූමියේදී පැවැති අතර, නව ‍ලොවට ගැලපෙන පුර්ණ පෞරුෂයකින් යුත් විශිෂ්ඨ පුරවැසියන් බිහි කිරීම පෙරදැරි කර ගනිමින් මෙම ප්‍රදර්ශනය පැවැත්විමට කටයුතු යොදා තිබුණි.

09 Mar 2019

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 08) ත්‍රිකුණාමලය, මලෙයිමුන්දල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

09 Mar 2019

ලෝක කාන්තා දිනය සැමරීමේ ජාතික උත්සවයට නාවික හමුදා දායකත්වය

ජාත්‍යන්තර කාන්තා දිනය - 2019, ජාතික සැමරුම් උත්සවය ඊයේ (මාර්තු 08) අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

09 Mar 2019