වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය සිය 07 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ 07 වන සංවත්සරය ඊයේ (මාර්තු 12) දිනට යෙදී තිබූ අතර, ඒ අනුව එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (ජලමානක) නදිත් වල්පොල ඇතුළු නැව් මුළුව විසින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු යොදා තිබුණි.

13 Mar 2019

ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 27 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 27 වන සංවත්සරය පසුගිය මාර්තු 09 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) නිමල් රණසිංහ ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

12 Mar 2019

කච්චතිව් වාර්ෂික මංගල්‍යය - 2019 උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලාංකික සහ ඉංදීය කතෝලික බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පුජා පවත්වන ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් 2019 මාර්තු මස 16 වන දින පැවැත්වීමට යාපනය දිස්ත්‍රික් ලේකම් විසින් කටයුතු සූදානම් කර ඇති අතර, මෙවරත් එම කටයුතු සඳහා යාපනය පදවියේ රදගුරු සහ දිස්ත්‍රික් ලේකම් හට අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා නාවික හමුදාව කටයුතු කරගෙන යනු ලබයි.

12 Mar 2019

ඉන්දීය ධීවරයින්ගේ ග්‍රහනයේ සිටි ජීවී කැස්බෑවෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි

නාවික හමුදාවට අයත් නෞකාවකට අනුයුක්ත නාවිකයින් විසින් පසුගිය පෙබරවාරි මස 24 වන දින උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එම ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් පරීක්‍ෂා කිරීමේදී එම ධීවරයින් විසින් අල්ලන ලද ජීවී කැස්බෑවෙකු සොයා ගෙන ඇති අතර, එම ජීවී කැස්බෑවා නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

12 Mar 2019

තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 751.94 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 10 වන දින මන්නාරම, වැලිපර හතරේදි (04) මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 03 ක් සොයා ගැනීමට හැකි විය.

12 Mar 2019

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (මාර්තු 11) සාගරපුර වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.

12 Mar 2019

රියර් අද්මිරාල් සුජිව පෙරේරා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුජිව පෙරේරා අද (මාර්තු 11) ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

11 Mar 2019

බීඩී කොළ කිලෝග්‍රෑම් 706.32 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) මන්නාරම, ඌරුමලෙයි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 15 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගන්නා ලද අතර, නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර සෝදිසි කිරීම් වලදි මන්නාරම, වැලිපර හතරේදි (04) තවත් බීඩී කොළ සහිත පාර්සල් 03 ක් සොයා ගැනීමට හැකි විය.

11 Mar 2019

උතුරු මැද නාවික විධානයට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් යන්ත්‍රයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය මඟින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් පසුගිය වර්ෂයේ හඳුන්වා දීමට කටයුතු කරන ලදී.

11 Mar 2019

දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

වත්තල, ප්‍රීතිපුර වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විසින් කිමිදුම් මෙහෙයුමක් ඊයේ (මාර්තු 10) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

11 Mar 2019