වැදගත් සිදුවීම්

මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 191 ක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 30) උදෑසන මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

30 Mar 2019

මුලික පුහුණුව නිම කල ඉඳුරාම බඳවාගත් නිලධාරින් සහ සේවා ප්‍රවේශ නිලධාරින් විසිතුන්දෙනෙකු (23) අධිකාරියට පත් කෙරේ

2018 වර්ෂයේ පළමු ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් දහතුන්දෙනෙකු (13) සහ 2018 පලමු සේවා ප්‍රවේශ බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් දහදෙනෙකු (10) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර අද (මාර්තු 29) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

29 Mar 2019

මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 29) මන්නාරම දකුණු මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ තොගය පාර්සල් 33 ක බහා තිබී ඇත.

29 Mar 2019

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ තෙවැනි වාර්ෂික ශාස්ත්‍රිය සැසිය සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ තෙවැනි වාර්ෂික ශාස්ත්‍රිය සැසිය පසුගිය මාර්තු මස 22 වන දින සිට 24 වන දින දක්වා දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක් සයිඩ් උත්සව සහ සම්න්ත්‍රණ ශාලාවේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

29 Mar 2019

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් (02) දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‍නෞකා හතරින් (04) දෙකක් වන ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් සිය පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් පසුගිය මාර්තු 27 වන දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.

29 Mar 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්‍රිකුණාමලය, නොර්වේ දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

29 Mar 2019

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 28) කල්පිටිය, බත්තලංගුඩුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

29 Mar 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 27) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

28 Mar 2019

ජාතික ඵලදායිතා සම්මාන උලෙළේදී වැලිසර නාවික මහ රෝහල ඇගයීමට ලක් කෙරේ

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙහි මඟපෙන්වීම හා උපදේශකත්වය මත ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන 2018 උළෙල පසුගිය මාර්තු 26 වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

28 Mar 2019

මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී

‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන යටතේ ඒකාබද්ධ මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් ඊයේ (මාර්තු 27) පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය ප්‍රදේශයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලදී.

28 Mar 2019