වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් යාපනයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජනවාරි මස 21 වැනි දින සිට 23 වැනි දින දක්වා යාපනය මාතගල් ශාන්ත අන්තෝනි දේවස්ථානය, කන්කසන්තුරය නඩේෂ්වර විද්‍යාලය සහ වෙත්තිලයිකර්නි පරමේෂ්වර විද්‍යාලය යන ස්ථානයන්හිදී සාර්ථකව පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.

25 Jan 2025

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් චන්දිම සිල්වා බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද (2025 ජනවාරි 24) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

24 Jan 2025

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා පිරිසිදු කර අළුත්වැඩියාව සඳහා නාවික හමුදාවේ සහය

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා නාවික හමුදාව විසින් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ පිහිටි රජයේ වී ගබඩා පිරිසිදු කිරීම හා අළුත්වැඩියා කිරීම, 2025 ජනවාරි මස 23 වැනි දින ආරම්භ කෙරිණි.

24 Jan 2025

රියර් අද්මිරාල් හසන්ත දසනායක නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් හසන්ත දසනායක නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් අද (2025 ජනවාරි 23) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

23 Jan 2025

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ අද (2025 ජනවාරි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී.

23 Jan 2025

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, Colonel Amanda Johnston නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

22 Jan 2025

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් එම් ආනන්ද් (M Anand) නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

22 Jan 2025

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා ඇතුළු දූත පිරිසක් 2025 ජනවාරි මස 20 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින්, එම විධානයේ වැඩ බලන ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා හමුවිය.

22 Jan 2025

නාවික හමුදාව මඟින් අනුරාධපුර පූජා භූමියේ බෝමළුව විහාරස්ථාන පරිශ්‍රයේ ස්ථාපනය කළ ජල පිරිපහදු මධ්‍යස්ථාය ජනතා අයිතියට පත්කෙරේ

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පිය දායකත්වයෙන් සහ MAS සමූහ ව්‍යාපාරයට අයත් බොඩිලයින් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වය මත ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ බෝමළුව විහාරස්ථාන පරිශ්‍රයේ ස්ථාපනය කෙරුණු 1077 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක හිමිපානන් ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සහ බොඩිලයින් සමාගමේ අධ්‍යක්‍ෂිකා සයිනි සෙනරත් මෙනවියගේ සහභාගීත්වයෙන් අද (2025 ජනවාරි 21) සිදු කෙරිණි.

21 Jan 2025

ශ්‍රී ලංකා නාවික හමුදා ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතයේ සංවිධායකත්වයෙන් තවත් ගවේෂණාත්මක කඳු නැගීමේ අභ්‍යාසයක් සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රාස්‍යජනක ක්‍රීඩා සංචිතය 2025 ජනවාරි මස 16 වැනි දින සිට 18 වැනි දින දක්වා ස්වභාවික සෞන්දර්යයෙන් හා මනස්කාන්ත පරිසර පද්ධතියකින් සමන්විත වූ, සුන්දර මධ්‍යම කඳුකරයේ කළුපහන ප්‍රදේශයේ; බඹරකන්ද, වැලි වංගුව සහ ඔහිය සුප්‍රසිද්ධ යකාගේ පඩිපෙළ ඇතුළු වඩාත් අභියෝගාත්මක සහ මනරම් භූමි ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් සංවිධානය කෙරුණු ත්‍රාස්‍යජනක කඳු නැගීමේ ගවේෂණ චාරිකාවක් සාර්ථකව අවසන් කෙරිණි.

20 Jan 2025