වැදගත් සිදුවීම්

කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් ශ්‍රිලංනා‍‍නෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් අද (අප්‍රේල් 05) වැඩ භාර ගන්නා ලදී.

05 Apr 2019

235 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 188 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 188 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (අප්‍රේල් 05) විසිර යන ලදී.

05 Apr 2019

නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ මරදමුනේයි, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 04) නින්දවූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

05 Apr 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහු‍දේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහඅටදෙනෙකු (18) අද (අප්‍රේල් 04) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

04 Apr 2019

නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2018 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය අද (අප්‍රේල් 04) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

04 Apr 2019

නාගදීප පුරාණ රජමහා විහාර පිංකම් මාලාවට නාවික හමුදා දායකත්වය

නාගදීප පුරාණ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති, බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන්ගේ ගුණානුස්මරණය සහ වර්තමාන විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ 59 වන ජන්ම දිනය නිමිතිකර ගනිමින් පසුගිය අප්‍රේල් 02 සහ 03 යන දෙදින නාගදීප පුරාණ විහාර පරිශ්‍රයේදී පිංකම් මාලාවක් පැවැත්විණි.

04 Apr 2019

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 04) කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

04 Apr 2019

“සෙනෙහස ගමට” වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු පරිශ්‍ර‍යේදී

“සෙනෙහස ගමට” වැඩසටහන ය‍ටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පදිංචි රණවිරු පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෛද්‍ය කඳවුරක් අද (අප්‍රේල් 04) ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුලදී පැවැත්වීම‍ට කටයුතු කරන ලද අතර, මෙම වැඩසටහන “සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය” (SERRIC) මඟින් සංවිධානය කරන ලදි.

04 Apr 2019

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමා උතුරු ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු එරික් ලෙවර්ටු මහතා පසුගිය අප්‍රේල් 02 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

04 Apr 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 03) පුත්තලම, දළුව මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දහදෙනෙකු (10) අත්අඩංගුවට ගෙන ඇත.

04 Apr 2019