වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 10 වන දින පල්ලියවාසලපාඩු සහ කල්ලාරු මුහුදු තීරයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

11 Oct 2019

නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 10 වන දින කල්මුණේ, නින්දවුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 06 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

11 Oct 2019

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 10 වන දින රාගම ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

11 Oct 2019

රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැ‍ගෙන ඒමට නාවික හමුදා සහාය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (2019 ඔක්තෝබර් 10) නාවික හමුදාව කටයුතු කරන ලදී.

10 Oct 2019

පකිස්ථානු මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහකොමසාරිස් අතිගරු ආචාර්ය ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා 2019 ඔක්තෝබර් 09 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

10 Oct 2019

ඉස්සන් ගොවිපලක සිරවී සිටි‍ කැස්බෑවෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 09 වන දින මණ්ඩතිව්, පල්ලිකුඩා ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක සිරවී සිටි කැස්බෑවෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.

10 Oct 2019

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 09 වන දින මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

10 Oct 2019

පාකිස්ථානු අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිතයින් දෙදෙනෙකු දකුණු නාවික විධානයේ සංචාරයක

පාකිස්ථාන අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිතයින් දෙදෙනෙකු 2019 ඔක්තෝබර් 09 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

10 Oct 2019

කැස්බෑ මස් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2019 ඔක්තෝබර් 09) යාපනය, මාදගල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

09 Oct 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

09 Oct 2019