වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා රුසියාවේ නිල සංචාරයක නිරත වෙයි

රුසියානු නාවික හමුදාව විසින් සිදු කල ආරාධනයකට අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 ජූලි 27 වන දින සිට ජූලි 30 වන දින දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වන ලදී.
02 Aug 2019
බිඩී කොළ කිලෝග්‍රෑම් 36 ක් සොයා ගැනේ

ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ පාවෙමින් තිබූ බිඩී කොළ කිලෝග්‍රෑම් 36 ක් 2019 අගෝස්තු 02 වන දින ධීවරයින් විසින් සොයාගෙන ඇති අතර, ඔවුන් විසින් එම බීඩි කොළ තොගය ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය වෙත භාර දීමට කටයුතු කර ඇත.
02 Aug 2019
ශ්‍රී ලංකා නාවික නෞකා ‘අග්බෝ’ ආයතනය සිය 22 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘අග්බෝ’ ආයතනයේ 22 වන සංවත්සරය 2019 අගෝස්තු 01 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.
02 Aug 2019
කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදා පුද්ගලයින් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අගෝස්තු 01) කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.120 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
01 Aug 2019
කොමාණ්ඩර් සුදත් රන්තැන්න ශ්‍රීලංනානෞ ‘රණරිසි’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණරිසි’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සුදත් රන්තැන්න අද (අගෝස්තු 01) වැඩ භාර ගන්නා ලදී.
01 Aug 2019
නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ගම්පහ දිස්ත්‍රික්කයේදී

නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ එකකය විසින් 2019 ජූලි 29 සහ 31 යන දෙදින ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණය වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
01 Aug 2019
නාවික හමුදා මෙහෙයුමකින් බිඩී කොළ තොගයක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් විසින් 2019 ජූලි 31 වන දින කච්චතිව් දූපත ආශ්‍රිතව සහ උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම් වලදි බිඩී කොළ කිලෝග්‍රෑම් 50 ක් සොයා ගැනීමට සමත්ව ඇත.
31 Jul 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (ජූලි 31) යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.5 ක් සොයා ගැනීමට සමත්ව ඇත.
31 Jul 2019
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (ජූලි 31) නාවික හමුදා බාරයට ගන්නා ලදී.
31 Jul 2019
ගිනි නිවීම හා ආපදා මර්ධනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් ගාල්ල වරාය පරිශ්‍රයේදී

ගාල්ල ජාත්‍යන්තර වරායේ වරාය පහසුකම් හා ආරක්ෂාව සැපයීමේ යාත්‍රා වල සේවය කරන පුද්ගලයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ගිනි නිවීම හා ආපදා මර්ධනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් අද (ජූලි 31) ගාල්ල වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.
31 Jul 2019