වැදගත් සිදුවීම්

කඩොලාන ශාක කැපු පුද්ගලයින් අටදෙනකු (08) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, වනජිවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මඩු කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 09) වංකාලේ උඩෙඉඅඩි කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට ගෙන ඇත.

10 Apr 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 08) කල්පිටිය, වැල්ල මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

09 Apr 2019

කොමදෝරු අනුර ධනපාල ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

කොමදෝරු අනුර ධනපාල දකුණු නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති වශයෙන් අද (අප්‍රේල් 09) වැඩ භාර ගන්නා ලදී.

09 Apr 2019

ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් සිව්දෙනෙකු (04) මුලික ගුවන් යානා එන්ජින් පාඨමාලාව සාර්ථකව නිමා කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු ශිල්පය සම්බන්ධ ප්‍රධාන පාඨමාලාවක් ලෙස සැලකෙන මූලික ගුවන් යානා එන්ජින් පාඨමාලාව (Aero Engine Basic Course) සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ නාවිකයින් සිව්දෙනෙකු (04) සහභාගී විය.

09 Apr 2019

ඉන්දිය ආරක්ෂක ලේකම් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි

ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය ආරක්‍ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අද (අප්‍රේල් 09) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීය.

09 Apr 2019

වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ දායකත්වය

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය සැපයිමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් කටයුතු කරන ලදී.

09 Apr 2019

ප්‍රීතිපුර, ළදරු නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ අභිමානවත් 14 වන සංවත්සරය එළඹෙන අප්‍රේල් 21 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩෙමියන් ප්‍රනාන්දු ඇතුළු නැව් මුළුව විසින් ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

09 Apr 2019

නීති විරෝධී මත්පැන් ලිටර් 420 ක් නාවික හමුදාව භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) පනිච්චන් කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 420 ක් (බැරල් 02) සෙයා ගැනීමට සමත්ව ඇති අතර, නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු වාකරේ, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

08 Apr 2019

හෙරොයින් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 08) මරතඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි හෙරොයින් මිලි ග්‍රෑම් 161 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

08 Apr 2019

අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කින්නියා පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) කින්නියා, මයිලප්පන්චේනේ ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Apr 2019