වැදගත් සිදුවීම්

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවට අනුයුක්ත නියෝජිතයින් පිරිසක් පසුගිය අප්‍රේල් 07 වන දින සිට 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන ලදී.

12 Apr 2019

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නාවික හමුදාව උත්කර්ෂවත් අයුරින් සමරයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් නාවික හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන අවුරුදු උත්සවය සහ අවුරුදු පොළ මෙවරත් ඊයේ (අප්‍රේල් 10) වැලිසර නාවික කඳවුරු පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

11 Apr 2019

235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයින් 357 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයන් 357 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 10) විසිර යන ලදී.

11 Apr 2019

නාවික හමුදාව රාක්කුලි මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 11) ත්‍රිකුණාමලය, රාක්කුලි මුහුදු ප්‍රදේශයේදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත.

11 Apr 2019

රියර් අද්මිරාල් අජිත් සමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් අජිත් සමරසිංහ සිය වසර 32 ක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 11) විශ්‍රාම යන ලදී.

11 Apr 2019

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 10) කාර්තිව්, පේරියආරච්චල් සහ උච්චමුනිය මුහුදු ප්‍රදේශයන්හිදි නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Apr 2019

නාවික හමුදාව පරාක්‍රම සමුද්‍රය පිරිසිදු කිරීමට එක්වෙයි

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය අප්‍රේල් 07 වන දින පරාක්‍රම සමුද්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

10 Apr 2019

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 10) ගාන්දිනගර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ගල් පතුරක් තුළ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇත.

10 Apr 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ චීන වරාය පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව ඊයේ (අප්‍රේල් 09) ත්‍රිකුණාමලය, මාබල් බීච් වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

10 Apr 2019

නාවික හමුදාව සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් එරාවුර්පත්තුහිදි

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සම්පුර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති අතර, දිවයින පුරා සියළුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ආවරණය වන පරිදි ග්‍රාමිය මට්ටමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් මහජනතාව සහ දරුවන් හට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු පැවැත්වීමට කටයුතු කරමින් සිටී.

10 Apr 2019