වැදගත් සිදුවීම්
සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (අගෝස්තු 10) දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී.
10 Aug 2019
සඟවා තිබූ වායු තුවක්කුවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 09 වන දින පුත්තලම, අනායිකුට්ටි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වායු තුවක්කුවක් සොයා ගැනීමට සමත් වන ලදී.
10 Aug 2019
නාවික පවුල්වල දූදරුවන් හට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කෙරේ

2018 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ඨ සාමාර්ථ 9 ක් ලබා ගනිමින් ඉතා විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (අගොස්තු 09) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.
09 Aug 2019
එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධිවර යාත්‍රාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 09) උදෑසන එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සොයා ගෙන ඇත.
09 Aug 2019
හක් බෙල්ලන් 388 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 08 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හක් බෙල්ලන් 388 ක් සොයා ගැනීමට සමත් වන ලදී.
09 Aug 2019
අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ නීති විරෝධි දැල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 අගෝස්තු 07 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධි දැල් 03 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
08 Aug 2019
නීති විරෝධී දුම්වැටි 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 අගෝස්තු 06 වන දින හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
08 Aug 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 අගොස්තු 06 වන දින මුලතිව්, නයාරු මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
08 Aug 2019
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම්

ඉදරියේ දී ඇති විය හැකි ගංවතුර අවධානම වලක්වා ගැනීමේ අරමුණින් ගාල්ල, වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස් කොළන් සහ කුණු රොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට 2019 අගෝස්තු 06 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී.
07 Aug 2019
ඉරණතිව් දූපතේදී අසාධ්‍ය වූ ධීවරයෙකු ප්‍රථිකාර සඳහා රැගෙන ඒමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 06 වන දින ඉරණතිව් දුපතේදී නාගයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු මුහුදු මඟින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා මුලංකාවිල් රෝහල වෙත ඇතුලත් කරන ලදී.
07 Aug 2019