වැදගත් සිදුවීම්

දියේ ගිලී අතුරුදන්වු තරුණයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ගලබඩ ඇල්ලට වැටී දියේ ගිලී අතුරුදන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (අප්‍රේල් 19) සමත්ව ඇත.

19 Apr 2019

CARAT නාවික අභ්‍යාසය සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික නෞකාවන්හී නියෝජිතයින් දකුණු නාවික විධාන ආඥාපති හමුවිය

CARAT නාවික අභ්‍යාසය සඳහා මෙරටට පැමිණි ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන්හි නියෝජිත පිරිස ඊයේ (අප්‍රේල් 18) දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා විධාන මුලස්ථානයේදී හමුවිය.

19 Apr 2019

නීති වීරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ සිලාවතුර, පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 18) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

18 Apr 2019

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ඇතුළු නියෝජිත පිරිස අද (අප්‍රේල් 18) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වීය.

18 Apr 2019

ඇමරිකානු නාවික නෞකා ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් හම්බන්තොට වරායට සේන්දු වෙයි

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise - 2019) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් අද (අප්‍රේල් 18) හම්බන්තොට වරායට සේන්දු විය.

18 Apr 2019

නාවික හමුදාව අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරයි

අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ ජාතික උත්සවයට සමඟාමිව ඊයේ (අප්‍රේල් 17) නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළදි හිස තෙල් ගෑමේ චාරිත්‍රයන් සිදු ‍කරන ලදී.

18 Apr 2019

හක්බෙල්ලන් 376ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 17) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

18 Apr 2019

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 17) උදෑසන නොරොච්චෝලෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

17 Apr 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 17) ත්‍රිකුණාමලය, චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

17 Apr 2019

අනවසරයෙන් ගැලවූ කොමාරිකා පැළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 16) අනවසරයෙන් කොමාරිකා පැළ ගලවා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

17 Apr 2019