වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 30) ත්‍රිකුණාමලය, චැපල් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

01 May 2019

නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (අප්‍රේල් 30) ත්‍රිකුණාමලය ඡයසුමනාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි.

01 May 2019

ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සහ පුපුරණ ද්‍රව්‍ය සොයා නාවික හමුදා මෙහෙයුම්

පසුගිය අප්‍රේල් 21 වන දින මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් සිදුකළ මරාගෙන මැරෙන මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සියළුම ආරක්‍ෂක අංශ විසින් මෙම සංවිධානයට අයත් සාමාජිකයින් සහ එම සංවිධානයේ ඇති ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සොයා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, පසුගිය දින කිහිපය තුලදී නාවික හමුදාව විසින් සිදුකළ සොදිසි මෙහෙයුම් වලදී ත්‍රස්ත ක්‍රියාවන්වල නිරත වූ බවට සැක කරන පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාභාරයට ගෙන ඇත.

01 May 2019

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම් වේ

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සහ මුල්කඩ පාලමෙහි ගංවතුර ආපදා තත්වයක් ඇති වන සේ සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ආපදාවට පෙර ඉවත් කිරීමට ඊයේ (අප්‍රේල් 29) නාවික හමුදාව කටයුතු කරන ලදී.

30 Apr 2019

බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කල පුද්ගලයින් 03 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ දින (අප්‍රේල් 29) පුත්තලම, මදුරගම ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු අතුඅඩංගුවට ගෙන ඇත.

30 Apr 2019

අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 28) ත්‍රීකුණාමලය, සෑන්ඩිබේ ප්‍රදේශයේ අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

29 Apr 2019

වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 28) පුත්තලම කළපුව ප්‍රදේශයේදී වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

29 Apr 2019

කේරළ ගංජා පැකට් 15 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 කොළඹ, කිංග්ස්බරි හෝටලය ඉදිරිපටදී කේරළ ගංජා පැකට් 15ක් (ග්‍රෑම් 15 ) සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

29 Apr 2019

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 පුත්තලම කළපුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

29 Apr 2019

නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 කරඩක්කුලි වෙරළ තීරයේදී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

29 Apr 2019