වැදගත් සිදුවීම්

කපිතාන් (සංඥා) තුෂාර කරුණාතුංග ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) තුෂාර කරුණාතුංග අද (මැයි 20) වැඩ භාර ගන්නා ලදී.

20 May 2019

ඩයිනමයිට් යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 19 වන දින ත්‍රිකුණාමලය, එරක්කන්ඩි ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

20 May 2019

කේරළ ගංජා ගෑම් 100 ක් සමඟ පුද්ගයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 19 වන දින කල්පිටිය ප්‍රදේශ‍යේදී සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා ග්‍රෑම් 100 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

20 May 2019

ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2019 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

19 May 2019

අනවසරයෙන් ගැලවූ කෝමාරිකා පැළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් නිලධාරින් එක්ව 2019 මැයි මස 18වන දින අනවසරයෙන් කෝමාරිකා පැළ ගලවා ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

19 May 2019

නාවික හමුදා රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම අද (මැයි 19) උදෑසන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි.

19 May 2019

වෙසක් පුර පස‍ලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සුමදුර ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් නාවික හමුදා මූලස්ථානයේදී

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිණිර්වානය සිදුවූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන නාවික හමුදා මුලස්ථානයේදී සුමදුර ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් අද (මැයි 18) පැවැත්විය.

18 May 2019

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් තලෙයිමන්නාරම, ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද රැස්විම් ශාලා ගොඩනැගිල්ල 2019 මැයි 16 වන දින සිසු අයිතියට පවරන ලදි.

17 May 2019

අනතුරට පත් විදේශිය රුවල් යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහාය

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) ගාල්ල, රූමස්සල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

16 May 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) ත්‍රිකුණාමලය, නොර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

16 May 2019