වැදගත් සිදුවීම්

‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් කොළඹදී

2019 සැප්තැම්බර් 14 වන දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් අද (සැප්තැම්බර් 10) ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මැතිණියගේ ප්‍රදානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

10 Sep 2019

සාර්ථක සංචාරයකින් පසු ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ සහ ‘නන්දිමිත්‍ර’ ‍ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

2019 අගෝස්තු 22 වන දින බංගලාදේශය සහ මියන්මාරය බලා ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ සහ ‘නන්දිමිත්‍ර’ යන නෞකාවන් 2019 සැප්තැම්බර් 08 වන දින සාර්ථක පුහුණු සහ සුහද සංචාරයකින් පසු ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය වෙත සේන්දු විය.

10 Sep 2019

කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 10) අළුයම කන්කසන්තුරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 23.1 ක් සොයා ගෙන ඇත.

10 Sep 2019

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 07 වන දින මෙරටට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව අද (සැප්තැම්බර් 10) උදෑසන කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.

10 Sep 2019

වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ

වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදි කරන ලද තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අද (2019 සැප්තැම්බර් 10) වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් විවෘත කරන ලදී.

10 Sep 2019

වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 සැප්තැම්බර් 09 වන දින මන්නාරම, පේසාලේ සහ කුරුසපාඩු අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.

10 Sep 2019

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 09 වන දින යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

10 Sep 2019

ජ්‍යේෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 49 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (සැප්තැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

09 Sep 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 සැප්තැම්බර් 09 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

09 Sep 2019

‘SAPPERS 4x4 GYMPO -2019’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

‘SAPPERS 4x4 GYMPO -2019’ යතුරු පැදි තරඟාවලිය 2019 සැප්තැම්බර් 08 වන දින ඇඹිලිපිටිය, තුංකම ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකා ධාවන පථයේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.

09 Sep 2019