වැදගත් සිදුවීම්

ඉඳුරාම බඳවා ගත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්/නිලධාරිණියන් 36 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (ඔක්තෝම්බර් 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

03 Oct 2019

නුවර වැවේ ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 03) අළුයම නුවර වැවේ ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

03 Oct 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනයේ 12 වන සංවත්සරය 2019 ඔක්තෝම්බර් 01 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

03 Oct 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ඔක්තෝම්බර් 02 වන දින යාපනය, මරුතන්කේනි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

03 Oct 2019

කුච්චවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 02 වන දින ත්‍රිකුණාමලය,කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

03 Oct 2019

මදනමෝදක මත්ද්‍රව්‍ය ග්‍රෑම් 570 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ කල්මුනේ පොලිසිය එක්ව 2019 ඔක්තෝම්බර් 02 වන දින කල්මුණේ, නින්තාවූර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී මදනමෝදක නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 570 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

03 Oct 2019

කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ ජා-ඇල පොලිසිය එක්ව 2019 ඔක්තෝම්බර් 02 වන දින ජා-ඇල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

03 Oct 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 12 වන සංවත්සරය 2019 සැප්තැම්බර් 27 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

02 Oct 2019

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් දියේ ගිලුනු පුද්ගලයෙකු සොයා ගැනීමට සහාය වෙයි

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 02) උදෑසන සිදුකරන ලද කිමිදුම් මෙහෙයුමක් මගින් බොගවන්තලාව, කෙහෙල්ගමු ඔයෙහි ගිලි මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගැනීමට සමත්විය.

02 Oct 2019

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 02) අළුයම ත්‍රිකුණාමලය, පූනඩි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත.

02 Oct 2019