වැදගත් සිදුවීම්
57 වන ජාතික ජුඩෝ තරගාවලියේ සමස්ථ කාන්තා ශූරතාවය නාවික හමුදාව හිමිකර ගනී

2019 ඔක්තෝබර් මස 03 සහ 04 යන දිනයන්හිදී නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 57 වන ජාතික ජුඩෝ තරගාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා ජුඩෝ කණ්ඩායම සමත් වීය.
07 Oct 2019
කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2019 ඔක්තෝබර් 07) ඩෙල්ෆ්, මනලඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගන්නා ලදී.
07 Oct 2019
විදේශීය ආරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් අද (2019 ඔක්තෝබර් 07) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ කෙරුණි.
07 Oct 2019
වයඹ මුහුදු තීරයෙන් බීඩිකොළ කිලෝග්‍රෑම් 881 සොයා ගැනේ

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2019 ඔක්තෝබර් 06 වන දින කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩිකොළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
07 Oct 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින මනක්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
06 Oct 2019
ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 ඔක්තෝබර් 05 වන දින පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
06 Oct 2019
අනතුරට පත් විදේශිය රුවල් යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් ඔක්තෝම්බර් 05 වන දින හම්බන්තොට වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.
06 Oct 2019
නාවික හමුදාව තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින මඩකළපුව, කළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක දී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනීමට සමත්ව ඇත.
06 Oct 2019
තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් විසිතුන්දෙනෙකු (23) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 ත්‍රිකුණාමලය, සිනන්වේලි මුහුදු ප්‍රදේශයේ සහ වලෙයිතොට්ටම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසිතුන්දෙනෙකු (23) නාවික හමුදා බාරයට ගෙන ඇත.
06 Oct 2019
බලපත්‍රයක් නොමැතිව කිමිදුම් කටයුතු වල නිරත වු පුදගලයින් හත්දෙනෙකු (07) ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී බලපත්‍රයක් නොමැතිව කිමිඳුම් කටයුතු වල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත.
06 Oct 2019