වැදගත් සිදුවීම්
හඳුනා නොගත් මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

කොළඹ, වරාය පිවිසුම අසලදී හදුනානොගත් මළ සිරුරක් අද (ඔක්තෝබර් 14) නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයකදී සොයා ගැනීමට සමත් වී ඇත.
14 Oct 2019
නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 13 වන දින හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
13 Oct 2019
නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුම

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 12 වන දින පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනෙකු (07) නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව ඇත.
13 Oct 2019
මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 12 වන දින තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 ක් සොයා ගැනීමට සමත්ව ඇත.
13 Oct 2019
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 12) උදෑසන මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
12 Oct 2019
වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් අද (ඔක්තෝබර් 12) දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.
12 Oct 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 11 වන දින ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
12 Oct 2019
වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහන කල පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝම්බර් 11 වන දින යාපනය, අම්බිගා නගර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
12 Oct 2019
උතුරු නාවික විධානය විසින් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුහුණු වැඩසටහනක් 2019 ඔක්තෝබර් 11 වන දින කන්කසන්තුරේයි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේදී පැවැත්විණි.
12 Oct 2019
මගී ප්‍රවාහන යාත්‍රාවක් වන ‘එළුතාරකයි’ යාත්‍රාව යාපනය දිස්ත්‍රික් ලේකම් හට භාර කෙරේ

නාවික හමුදා බාරයේ තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් වන ‘එළුතාරකයි’ යාත්‍රාව 2019 ඔක්තෝබර් 11 වන දින යාපනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් භාර දීමට කටයුතු කරන ලදී.
12 Oct 2019